Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු වතාවට ලෙදර් පන්දු තරගාවලියක්

පළමු වතාවට ලෙදර් පන්දු තරගාවලියක්

editorial - 2024 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ජාතික මහ ක්‍රීඩා උළෙල  ඉතිහාසයේ පළමු වතාවට ලෙදර් පන්දු ක්‍රිකට් (පිරිමි) තරගාවලියක් සංවිධානය කෙරේ. ඒ අනුව මෙවර සැහැල්ලු  පන්දු ක්‍රිකට්  තරගාවලිය හැරෙන්නට සංවිධානය කෙරෙන ලෙදර් පන්දු ක්‍රිකට් තරගාවලිය පළාත්  කණ්ඩායම් නවයකගේ සහභාගිත්වයෙන් ජූනි 27 - 28 - 29 යන දිනවලදී කොළඹ  බ්ලුම්පීල්ඩ් ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ.

ඒ සදහා  ශ්‍රී  ලංකා ක්‍රිකට්  ආයතනයේ සම්බන්ධ්කරණය හා අනුමැතිය හිමිවී තිබෙන බව මෙම  තරගාවලිය යෝජනා කළ ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්  මහාචාර්ය  ෂේමාල්  ප්‍රනාන්දු  මහතා පවසයි.

කෙසේවුවත් ක්‍රීඩා උළෙලට සමගාමිව අඛණ්ඩව  පවත්වා ගෙන ආ සැහැල්ලු  පන්දු ක්‍රිකට්  (පිරිමි) තරගාවලිය මෙවරත් ජූනි 14 - 15 - 16 යන දිනවලදී ඇඹිලිපිටිය මහවැලි  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අදහස් (0)

පළමු වතාවට ලෙදර් පන්දු තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.