Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ පළමු ශතකය රැස් කිරීමට කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නායක මියුරු බණ්ඩාර සමත්විය.
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.
ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී දකුණත් ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර පන්දු 91 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 100 ක් රැස් කළේය.
ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම 82 යි
(සන්තෝෂ් ජයප්‍රකාශ් 51, හමීඩ් අෆ්ඩාල් 09/3, රනිතු කුමාරසිංහ 17/3, ලෂේන් ද සිල්වා 17/2
ඩී.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 4 ට 182 යි
(මියුරු බණ්ඩාර නොදැවී 100, යසසිරු සිල්වා 42, මිචෙල් පීරිස් 25/2)
ශාන්ත ජෝශප් විද්‍යාලය - දෙවැනි ඉනිම - කඩුලු 4 ට 97 යි
(සන්තෝෂ් ජයප්‍රකාශ් නොදැවී 38, අශේන්ද්‍ර ද සිල්වා 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.