Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්ලන්කට් වෙනුවට ෆින් කැඳවයි

ප්ලන්කට් වෙනුවට ෆින් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ වේගපන්දු යවන කී‍්‍රඩක ලයාම් ප්ලන්කට්ගේ වළලූකර ප‍්‍රදේශයේ හටගෙන තිබෙන ආබාධයක් නිසා ඔහුට ඉන්දියාව සමග ලබන බ‍්‍රහස්පතින්දා (7 වැනිදා) ආරම්භ වන සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්ථව මඟහැරී තිබේ.

මෙම ආබාධය නිසා ඉන්දියාව සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයටද සහභාගී නොවූ ප්ලන්කට්, මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් තරගයට සහභාගී කරවීමේ බලාපොරොත්තුවෙන් මෙම තරගයේදී විවේක ගන්වා ඇති බව එරට කි‍්‍රකට් බලධාරීහු පවසති.

ඉන්දියාව එරෙහිව පළමු ටෙස්ට් දෙකට සහභාගී වූ ප්ලන්කට්, එහිදී  ඕවර 94 ක් යවා කඩුලූ 7 ක් දවාගෙන ඇති අතර එහි කඩුල්ලක් දවාගැනීමේ සමාන්‍ය 41.28 ක් ලෙස දැක්වේ. කෙසේ වුවත් ඔහු වෙනුවට තෙවැනි ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ කි‍්‍රස් ජෝර්ඩාන්ට එහිදී එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට හැකිවී නැත.

ඒ හේතුවෙන් සිව්වැනි ටෙස්ට් තරගයේදී ප්ලන්කට්ගේ හිදැස පිරවීම සඳහා එංගලන්ත තේරීම් කමිටුව විසින් ස්ටීවන් ෆින් කැඳවනු ලැබ ඇති අතර ඔස්ටේ‍්‍රලියාවේ පැවැති අළු බඳුන තරගාවලියෙන් පසුව ඔහු කණ්ඩායමට කැඳවූ පළමු අවස්ථාවද මෙය වේ. මේ වන විට ටෙස්ට් තරග 23 කට කී‍්‍රඩා කර ඇති ස්ටීවන් ෆින්, එහිදී කඩුලූ 90 ක් දවාගෙන ඇත්තේ එහි සාමාන්‍ය 29.40 ක් ලෙස රඳවා ගනිමිනි.


- 036

 


අදහස් (0)

ප්ලන්කට් වෙනුවට ෆින් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.