Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අන්ඇකඩමි සමාගම ඉදිරිපත්ව සිටී. ඩ්‍රිම්-11 සහ ස්කෝඩා සමාගම් සම අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරති.
ඉන්දියාවේ අධ්‍යාපනයට සම්බන්ධ විශාල සමාගමක් වන අන්ඇකඩමි සමාගම පසුගිය ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි දෙකකදී නිල හවුල්කරුවන් වූ අතර මේ වසරේදී පැවැති රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේදී ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසද කටයුතු කළේය.
“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේත් ක්‍රිකට් ලෝලීන් අතර විශාල උනන්දුවක් ඇති කිරීමට හේතු බව මට විශ්වාසයි”
“තරුණ පරම්පරාවට ජීවිතයේ විශාල ඉලක්ක කරා යාම සඳහා එය විශාල ආශ්වාදයක් වනු ඇත. තරුණ පරම්පරාව කෙරෙහි අවධානය යොමු කරන අන්ඇකඩමි සමාගම මෙම වැදගත් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉදිරියට පැමිණීම පිළිබඳව ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පැවසීය.
“යෞවනයන් සමඟ එකිනෙක බැඳී තිබෙන අධ්‍යාපන වේදිකාවක් ලෙස, අප සෑම විටම ඉගෙනුම ලබන අය සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා. ක්‍රීඩා තරග, යෞවනයන් තුළ විනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. සෑම ඉගෙනුම ලබන්නෙකු විසින්ම මෙම ලක්ෂණ අනුගමනය කළ යුතුයි”
“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා බවට පත්වීම තරුණ ප්‍රේක්ෂකයින් අතර ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අපට අවස්ථාව දෙනවා. එමෙන් මෙම තරගාවලියේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැනත් අපි සතුටට පත් වෙනවා” යැයි අන්ඇකඩමි සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී කරන් ශ්රොෆ් මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.