Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රධාන භෞතචිකිස්තක ක්‍රිස්

ප්‍රධාන භෞතචිකිස්තක ක්‍රිස්

editorial - 2023 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා වශයෙන් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක්-අයන් මහතා පත්කර තිබේ. මේ මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රිස් ක්ලාක්-අයන් මහතා එම ධූරයට පත්කර ඇත්තේ වසර දෙකක කාලයක් වෙනුවෙනි.  

පසුගිය වසර දෙකක පමණ කාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ශාරීරික ආබාවලට ලක්වීමත්, ඇතැම් අවස්ථාවලදී සුවය ලබා පැමිණෙන ක්‍රීඩකයන්ට ඊළඟ තරගාවලිය සම්පූර්ණ කරගැනීමටත් නොහැකි වූ අවස්ථා තිබිණ. ඇතැම් ශාරීරික ආබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට ක්‍රීඩකයන් විදෙස්ගත වූ අවස්ථාවලදී හෙළිදරව් වී ඇත්තේ එම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවේදී නිවැරදි ප්‍රතිකාර ලැබී නැති බවයි.

භෞත චිකිත්සකවේදය සම්බන්ධයෙන් ඊස්ට් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධිධරයකු වන ක්‍රිස් ක්ලාක්-අයන් මහතා ලන්ඩන් නුවර කිංග්ස් විද්‍යාලයේදී ශාස්ත්‍රපති පාඨමාලාව හැදෑරූ අයෙකි. එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ ප්‍රධානියා වශයෙන් මෙන්ම ප්‍රධාන භෞත චිකිත්සකවරයා වශයෙන් ද කටයුතු කළ ක්‍රිස් ක්ලාක් අයන් මහතා ඕස්ට්‍රේලියානු සංචාරයකදී එංගලන්ත කණ්ඩායමත් සමගින් ද කටයුතු කර තිබේ.

ක්‍රිස් ක්ලාක් අයන් මහතාගේ පළමු වැනි පැවරුම වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයයි.

- 213


අදහස් (0)

ප්‍රධාන භෞතචිකිස්තක ක්‍රිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.