Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රධානීන්ගේ රණ්ඩුවෙන් ඉක්මන් නිලවරණයක්?

ප්‍රධානීන්ගේ රණ්ඩුවෙන් ඉක්මන් නිලවරණයක්?

editorial - 2024 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික  ඔලිම්පික්  කමිටුවේ  ප්‍රධානීන් දෙදෙනකු අතර ඇතිවී තිබෙන විරසකය මේ වන විට වඩාත් උත්සන්න වෙමින් පවතින තත්වයක් තුළ එහි ඉක්මන් නිලවරණයක් කැදවීම සදහා යෝජනාවක්  විධායක  සභාවට ඉදිරිපත් කිරීමට සාමාජික ජාතික ක්‍රීඩා  සංගම් සලකා බලමින් සිටින බව වාර්තාවේ.

ප්‍රධානීන් දෙදෙනාගේ කලක පටන් පවතින බව කියන ගැටුම උත්සන්නවීමේ ආසන්නතම සිදුවීම එක් ප්‍රධානියකු විසින් අනෙකාට එරෙහිව  අපහාස කිරීමේ චෝදනා ගොනු කරමින් කොළඹ දිසා අධ්කරණයේ නඩු පැවරීමය.එම නඩුවේ පැමිණිල්ලට අදාළව  පෙර උත්තරයක් ඇත්නම් ලබන සැප්තැම්බර් 3 වැනිදාට පෙර අධිකරණය දැනුවත් කරන ලෙසත් එසේ  නොවන්නේ නම් ඒකපාර්ශ්විකව නඩුව විභාග කරන බවත් එහිදී  දැනුම්දී තිබේ.

කෙසේවූවත් ජාතික ඔලිම්පික් කමිටුවේ  අවසන් වරට  2021 දෙසැම්බර් මාසයේදී පැවැති නිලවරණයේදී එකම සන්ධානයකින් ඉදිරිපත් වෙමින් ජය ගත් මෙම ප්‍රධානීන් දෙදෙනාගේ අනපේක්ෂිත ගැටුම උත්සන්නවීමෙන් මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු පවත්වා ගෙනයාමට දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබෙන බව වාර්තාවේ.

එය කමිටුවේ විධායක  සභා රැස්වීම් හා වැඩසටහන් පවත්වා ගෙන යාමට මෙන්ම සාර්ථක කර ගැනීමටත් බාධාවක් බවට පත්වෙමින් තිබෙන බව සාමාජික ජාතික ක්‍රීඩා සංගම් චෝදනා කරති.මෙම ගැටුම අවසන් කිරීමට කළ යෝජනා ප්‍රතික්ෂේප කරමින් මෙම එක් ප්‍රධානියකු  දිගින් දිගටම දැඩි මතයක සිට කටයුතු  කිරීම හේතුවෙන් දෙදෙනා සමගි කිරීමේ සාකච්ඡාද මේ වන විට ඇණහිට ඇතැයි පැවැසේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග  නිලවරණය (2025 - 29) ලබන වසරේ දෙසැම්බරයට පෙර පවත්වා අවසන් කළ යුතුය.එහි සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණන 31කි. නිලවරණයේදි ක්‍රීඩකයන්ගේ කමිටුවට ඡන්ද දෙකක් හිමිවීම තුළ ඊට ඇතුළත් වන මුළු ඡන්ද ගණන 33 කි.

ප්‍රධානින් දෙදෙනා  එකිනෙකට එරෙහිව  ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුවටද මීට පෙර පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. කෙසේවූවත් උද්ගතව පවතින බව කියන මෙම  තත්වයන් තුළ ජාතික ඔලිම්පික්  කමිටුවේ මීළග නිලවරණයේදී මොවුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන්  අලුත්ම බලවේග දෙකක් ගොඩ නැගෙනු ඇතැයිද එම කමිටු ආරංචි මාර්ග පවසයි.

පැවැති ජාත්‍යන්තර නිලවරණයකදී ශ්‍රී  ලංකාවට හිමි ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇති කර ගත් මතභේදයක් ඔවුන් දෙදෙනාගේ විරසකයේ ආරම්භය බවද සදහන් වේ.


අදහස් (0)

ප්‍රධානීන්ගේ රණ්ඩුවෙන් ඉක්මන් නිලවරණයක්?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.