Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප්‍රවීණ චෙස් ශූරයා ඩී.ආර්. පීරිස්

ප්‍රවීණ චෙස් ශූරයා ඩී.ආර්. පීරිස්

editorial - 2022 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය  එම්. සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ චෙස් තරගාවලියේ ශුරතාව පිට පිටම හත්වන වතාවටත් ටි.ඩි.ආර් .පීරිස් විසින් දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කොට නුගේගොඩ දෙල්කඳ පිහිටි එම සම්මේලන මුලස්ථානයේ පැවති තරගාවලියේදී ටී. ඩි .ආර් .පිරිස් එහි ශුරතාව දිනා ගත්තේය. තරග වට 7න් ටි. ඩි. ආර්.පිරිස්  ලකුණු 5.5 ක් ලබාගත්තේය.

වයස 50 ට වැඩි ශ්‍රී ලංකාවේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පමණක් මේ තරගාවලිය පැවති අතර ඊට තරගකරුවන් 18ක් සහභාගී වුහ .

මේ තරගකරුවන් අතරින් තරග වට 7න් ලකුණු 5.5 ක සම ලකුණු ලබාගනිමින් ටි.ඩි .ආර් .පිරිස් හා දිර්රික් පෙරේරා සම ශුරයින්වුවද ටි.ඩි .පිරිස් විසින් තෙවන තරග වටයේදී දිර්රික් පෙරේරා පරාජය කිරීම නිසා තරගාවලියේ ශුරතාව ටි .ඩි .ආර් .පිරිස්ට හිමිවිය .

ඒ සමගම දිර්රික් පෙරේරාට තරගාවලියේ අනු ශුරතාවයෙන් පමණක් සෑහීමට පත්වන්නට සිදුවිය .

තරග වට 7න් ලකුණු 4.5ක් ලබාගත් පි .කේ .චන්ද්‍රසිරි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය .

 

තරගාවලියේ ප්‍රතිඵල

01. ටි.ඩි .ආර්.පිරිස් (ලකුණු 5.5 )
02. දිර්රික් පෙරේරා (ලකුණු 5.5 )
03. පි.කේ.චන්ද්‍රසිරි (ලකුණු 4.5)
04. සුදර්මන් පිටිගල (ලකුණු 4.5)
05. අජන්ත ද සිල්වා (ලකුණු 4.5 )
06. ජගත් සමරසුරිය(ලකුණු 4 )
07. රුවන් නන්දන (ලකුණු 4 )
08. ඒ .එච් .කටුගම්පොල (ලකුණු 4)
09. ඇන්තනි සැමුවෙල් (ලකුණු 4 )
10. එන්.ඒ.ජි.අබේවර්ධන (ලකුණු 3.5)
11 .වී.මුරලි (ලකුණු 3.5 )
12. ජෝසප් අබේසිංහ (ලකුණු 3 )
13.තිලරාජ් රාජසිංහම් (ලකුණු 3 )
14.ජගත් පෙරේරා (ලකුණු 3 )
15.වරුණ මාසිංහ (ලකුණු 2.5 )


අදහස් (0)

ප්‍රවීණ චෙස් ශූරයා ඩී.ආර්. පීරිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.