Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පස්වැනි සතියේ තරග අද (28 වැනිදා) ආරම්භවූ අතර එහිදී කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා, රාගම පිලේ ළහිරු තිරිමාන්න සහ එන්.සී.සී පිලේ පැතුම් නිස්සංකට ශතක අහිමි වූහ.
හලාවත මේරියන්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ළහිරු තිරිමාන්න ලකුණු 97 ක් ලබාසිටියදී නිමේෂ් විමුක්තිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය. පන්දු 177 කට මුහුණදුන් තිරිමාන්නගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය. හලාවත මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති ලකුණු 62 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත්විය.
එන්.සී.සී සහ ද්‍රවිඩ සංගම් පිල අතර පැවැති තරගයේදී එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක ලකුණු 94 ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට ප්‍රමෝද් මධුෂාන් සමත්විය. පන්දු 124 කට මුහුණදුන් පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම අලංකාර කිරීමට සමත්විය.
දුවිඳු තිලකරත්නගේ පන්දුවක් හමුවේ තරිඳු කෞෂාල් අතට උඩපන්දුවක් දෙමින් ප්‍රියමාල් පෙරේරා ලකුණු 99 කට දැවී ගියේය. පන්දු 120 කට මුහුණදුන් ප්‍රියමාල් හයේ පහර 5 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කර ගැනීමට සමත්විය.
හෂාන් තිලකරත්නගේ පුත්‍රයකු වන බී.ආර්.සී පිල නියෝජනය කරන දුවිඳු තිලකරත්න කෝල්ට්ස් පිලට එරෙහිව අද ආරම්භවූ තරගයේදී ලකුණු 147 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. තරග 5 කදී කඩුලු 36 ක් ලබාගෙන ඇති දුවිඳු තිලකරත්න මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්වී තිබේ.
‘ඒ’ ශ්‍රේණිය යටතේ අද වාර්තාවූ එකම ශතකයට හිමිකම් කීමට බදුරලිය පිලේ ශහීඞ් යූසුෆ් සමත්විය. පන්දු 184 ක් පුරා කඩුල්ලේ රැඳී සිටින ඔහු හයේ පහරක් සහ හතරේ පහර 19 ක් සමගින් නොදැවී ලකුණු 133 ක් ලබාගත්තේය.
තිරිමාන්නට ශතකය අහිමිවෙයි
රාගම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී 204
(ළහිරු තිරිමාන්න 97, රොෂේන් සිල්වා 34, අමිල අපෝන්සු නොදැවී 21, නිමේෂ් විමුක්ති 62/6, අසිත ප්‍රනාන්දු 58/3)
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 117
(යෂ් කොතාරී 24, ලසිත් කෲස්පුල්ලේ නොදැවී 55, ඕෂධ ප්‍රනාන්දු 22)
පැතුම්ට ශතකය අහිමිවෙයි
එන්.සී.සී සහ ද්‍රවිඩ සංගමය අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 339
(පැතුම් නිස්සංක 94, මහේල උඩවත්ත 35, උපුල් තරංග 42, චතුරංග ද සිල්වා 37, සහන් ආරච්චිගේ 70, ලසිත් ඇඹුල්දෙණිය 26, ප්‍රමෝද් මධුෂාන් 67/4, තිලංග උදේශන 77/3, මදුක ලියනපතිරණගේ 65/2)
ද්‍රවිඩ සංගමය පළමු ඉනිම - කඩුල්ලක් දැවී 62
(යොහාන් මෙන්ඩිස් නොදැවී 35)
දුවිඳුගෙන් කඩුලු 8 ක්
බී.ආර්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 366
(සංගීත් කුරේ 62, සධීර සමරවික්‍රම 66, විශාද් රන්දික 60, ප්‍රියමාල් පෙරේරා 99, නිසල තාරක නොදැවී 24, දුවිඳු තිලකරත්න 147/8)
බී.ආර්.සී පළමු ඉනිම - කිසිවෙකු නොදැවී 5
යූසුෆ්ගෙන් ශතකයක්
බදුරලිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
බදුරලිය පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 347
(සාලින්ද උෂාන් 31, තිලකරත්න සම්පත් 49, ශහීඩ් යූසුෆ් නොදැවී 133, ළහිරු සමරකෝන් 75, ගමිඳු අමරසිංහ 54/4, චාමිකර එදිරිසිංහ 79/3)
පවන් ශතකය අභියස
සී.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 385
(මලිඳු මදුරංග 45, රොන් චන්ද්‍රගුප්ත 54, අෂාන් ප්‍රියංජන් 41, ළහිරු මදුෂංක 89, පවන් රත්නායක නොදැවී 94, චතුර රන්ඳුණු 130/3, සචිත්‍ර සේරසිංහ 32/2, කවිෂ්ක අංජුල 65/2)
එස්.එස්.සී 229, යුදහමුදාව 54/0
එස්.එස්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී 229
(කවිඳු කුලසේකර 27, ක්‍රීෂාන් සංජුල 37, සහන් ආරච්චිගේ 37, සම්මු අෂාන් නොදැවී 77, සචිත්‍ර සේනානායක 27, ජනිත් ද සිල්වා 46/4, දුෂාන් විමුක්ති 15/2, හේෂාන් හෙට්ටිආරච්චි 60/2, මල්ක මදුසංක 68/2)
යුදහමුදා පළමු ඉනිම - කිසිවකු නොදැවී 54
(ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 25, පැතුම් දිල්ශාන් නොදැවී 26)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.