Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (27 වැනිදා) පැවැති තරගයකදී එක්සත් අරාබි එමීර් වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටින පාකිස්තානය මූලික වටයේදී සහභාගි වූ තරග 3 න්ම ජය ලබා අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 220 ක ඉලක්යක් හඹාගිය එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 198 ක් පමණි. කායි ස්මිත් පන්දු 65 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක්ද, අෆ්සාල් ඛාන් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 38 ක්ද රැස්කළ නමුත් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.
නායක අලිෂාන් ශරාෆු පන්දු 43 කදී ලකුණු 35 ක් රැුස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි. එහිදී කාසිම් අක‍්‍රම් ලකුණු 52 කට කඩුලූ 3 ක් දවාගත් අතර මාස් සදාකත්, මොහොමඞ් සීෂාන් සහ මෙහෙරාන් මුම්ටාස් කඩුලූ 2 බැගින් බිඳහෙළමින් එක්සත් අරාබි එමීර් යොවුන් කණ්ඩායමේ ජයග‍්‍රාහී මාවතර අවහිර කර දැමූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 219 ක් රැස්කළේය. එක්සත් අරාබි එමීර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක කාසිම් අක‍්‍රම් (50) පන්දු 67 කදී හතරේ පහර 5 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ අහමඞ් ඛාන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක් රැස්කළේය.
පාකිස්තාන යොවුන් පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 219
(අබ්දුල් වහීඞ් 28, මුහම්ද් ශේෂාඞ් 29, කාසිම් අක‍්‍රම් 50, හසීබුල්ලා ඛාන් 39, අහමඞ් ඛාන් නොදැවී 34, අෆ්සාල් ඛාන් 44/3, නිලන්ෂ් කෙසවානි 32/2)
එක්සත් අරාබි එමීර් යොවුන් පිල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 198
(කායි ස්මිත් 38, සූර්යා සතිෂ් 22, අලිෂාන් ශරාෆූ 35, නිලන්ෂ් කෙසවානි 25, අෆ්සාල් ඛාන් 38, කාසිම් අක‍්‍රම් 52/3, මාස් සදාකත් 21/2, මොහොමඞ් සීෂාන් 34/2, මෙහෙරාන් මුම්ටාස් 35/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.