Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාකිස්තානයේ යෞවනයන්ටත් වි-20 ලීගයක්

පාකිස්තානයේ යෞවනයන්ටත් වි-20 ලීගයක්

editorial - 2022 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ක්‍රීඩකයන් ඉලක්ක කරගනිමින් ‘පාකිස්තාන ජූනියර් ලීග්’ නමින් විස්සයි20 ක්‍රිකට් තරගාවලියක් ආරම්භ කිරීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සැලසුම් සකස් කරමින් සිටී. මෙම තරගාවලිය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඔක්තෝම්බර් 1 සිට 15 දක්වා පැවැත්වෙනු ඇත.

මෙම තරඟාවලියට නගර පදනම් කරගත් කණ්ඩායම් හයක් ඇතුළත් වන අතර සමස්ත තරගාවලියට තරඟ 19 ක් ඇතුළත් වේ. දේශීය වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයින් මෙන්ම විදේශීය යොවුන් ක්‍රීඩකයින්ද මෙම තරගාවලියට එක්වනු ඇත.

ක්‍රීඩක වෙන්දේසියක් මගින් තරගාවලිය සඳහා ක්‍රීඩයන් තෝරා ගැනීමට නියමිතව ඇත. සෑම කණ්ඩායමක් සඳහාම පුහුණුකරු හෝ උපදේශකයකු ලෙස සුපිරි ක්‍රිකට් තරුවක් තෝරා ගන්නා අතර එමඟින් එම කණ්ඩායම්හී යොවුන් ක්‍රීඩකයන්ට ඔහුගෙන් දැනුම ලබාගැනීමේ අවස්ථාවක් හිමිවේ.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් තිදෙනකු මේ වන විටත් ‘පාකිස්තාන ජූනියර් ලීග්’ තරගාවලියේ කණ්ඩායම්වල හිමිකාරිත්වය ලබා ගැනීමට ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු 15 සිට 19 දක්වා වයස් සීමාවන් වල පසුවන ක්‍රීඩකයන් තරගාවලිය සඳහා තෝරා ගැනිමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ අවධානය යොමුවී ඇත.

- 2079


අදහස් (0)

පාකිස්තානයේ යෞවනයන්ටත් වි-20 ලීගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.