Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් අත්හිටුවන ලද පාකිස්තාන සුපර් ලීග් තරගමාලාවේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඉතිරි තරග ජුනි මස 1 සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතව ඇත.
මාර්තු 4 වැනිදා තරගාවලිය අත්හිටුවන විට තරග 14 ක් පවත්වා තිබුණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැති සාකච්ඡා සාර්ථකවීමත් සමගින් මෙම තීරණය ගැනීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට හැකිවිය. ඒ අනුව නවතම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කණ්ඩායම් හයේ හිමිකරුවන් සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් එම රැස්වීමේ දී තරගාවලියට අදාළ සියලු කරුණු පිළිබද අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
තරගාවලියේ ඉතිරි තරග කරච්චිහී දී ජූනි 1 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය මින් පෙර තීරණය කර තිබූණී. නමුත්, කරච්චි නුවර පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කිරීම සුදුසු බවට කණ්ඩායම් හිමිකරුවන් විසින් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය වෙත ලිපියක් ද යොමු කරනු ලැබ තිබුණි.
“පාකිස්තාන සුපර් ලීග් 6 වැනි තරගමාලාවේ ඉතිරි තරග අබුඩාබියේදී පැවැත්වීමට තිබූ බාධක ජයගෙන තිබෙනවා. සියලු ක්‍රියාදාමයන් දැන් හොඳ මට්ටමක පවතින බැවින් මෙම වර්ධනය පිළිබඳව අපි සතුටු වෙනවා”යැයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් මහතා පැවසීය.
“සියලු බාධක ඉවත් කර තරගාවලිය පැවැත්වීමට සහතික කිරීම සඳහා සහයෝගය සහ අනුග්‍රහය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, ජාතික හදිසි අර්බුද හා ආපදා කළමනාකරණ අධිකාරියට, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයට සහ අබුඩාබි ක්‍රීඩා සභාවට මා ස්තූතිවන්ත වෙනවා“ යැයි ද වසිම් ඛාන් මහතා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.