Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ළමුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘පාත් 2016’ ධාවන සහ සහය දිවීමේ මලල ක‍්‍රීඩා තරගාවලිය මේ මස 28 සහ 29 දෙදින පයාගල රාජිත සේනාරත්න ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමය සහ පෙරඹර සංස්කෘතික මණ්ඩපය එක්ව තරගාවලිය සංවිධානය කරනු ලබයි. බේරුවල ප‍්‍රදේශයේ පාසල් 30 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසක් තරගාවලියට ඉදිරිපත්ව ඇතැයි සංවිධායකවරු පවසති.
වයස 11 න් පහළ, 13 න් පහළ, 15 න්පහළ සහ වයස 17 න් පහළ යන වයස් කාණ්ඩ හතරකින් බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම තරග පැවැත්වේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් ඇතිව බේරුවල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශිකා ප‍්‍රදීපා සේනානායක මහත්මිය සහ කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ක‍්‍රීඩා) කාන්තසිරි මීගමුවගේ මහතා තරගාවලිය මෙහෙයවති.
මලල ක‍්‍රීඩාවට පාසල් ළමුන් උනන්දු කිරීම, බේරුවල ප‍්‍රදේශයේ පාසල් ළමුන් ක‍්‍රීඩාවට යොමු කිරීම මෙන්ම අඩුපහසුකම් සහිත පාසල්වල ළමුන් ක‍්‍රීඩාවට යොමු කරමින් දක්‍ෂයන් හදුනා ගැනීම ආදී අරමුණු රැසක් පෙරදැරිව මෙම තරගාවලිය සංවිධානය කෙරේ.
නෙස්ලේ ලංකා සමාගම මෙම තරගාවලියට අනුග‍්‍රහය දක්වයි.
සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමය සහ පෙරඹර සංස්කෘතික මණ්ඩපය එක්ව බේරුවල ප‍්‍රදේශයේ පාසල්වල ළමුන් වෙනුවෙන් මලල ක‍්‍රීඩා වැඩමුළුවක් සහ පුහුණු කඳවුරක් ද පසුගියදා පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.