Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සම්මේලනය වැට පනී

පාපන්දු සම්මේලනය වැට පනී

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු පාපන්දු සමුළුවේ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීම රටේ විදේශ ප්‍රතිපත්තියට පටහැනි යයි විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. පසුගිය සිකුරාදා (2) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඇමතිවරයා පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයෙන් ඒ සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව දැනුම්දීම් කර තිබෙන බවයි.

තමන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රටේ නීතියට පටහැනිව කටයුතු කර තිබේ නම් තමන්ට ඇතැම් විට සම්මේලනය වෙනුවට අතුරු කමිටුවක් පත් කිරීමට එහි විකල්ප ක්‍රියාමාර්ගයකට යාමට පවා සිදුවිය හැකි බවත් එහිදී ඇමැතිවරයා පවසා සිටියේය.

ක්වාලාලම්පූර් නුවර දී පසුගිය ඔක්තෝබර් 30 වැනිදා පැවති ආසියානු පාපන්දු සමුළුවේ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළු එහි සාමාජික රටවල් 47 න් 43 ක්ම ඡන්දය ප්‍රකාශ කළේය. ඊට විරුද්ධ වූයේ රටවල් හතරක් පමණි.

මේ සම්බන්ධයෙන් සිකුරාදා පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව අපට දැනුම්දීලා තිබෙනවා. ආසියානු පාපන්දු සමුළුවේ ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ අනුදැනුම නැතිව පත්වන එහි නිලධාරියෙකුට ශ්‍රී ලංකාවට විරුද්ධව වුවද කටයුතු කිරීමේ භයානක තත්ත්වයක් එමගින් නිර්මාණය වී තිබෙන බව”

“රටවල් හතරක් විතරයි විරුද්ධ වුණේ කියලා මේ ප්‍රශ්නයේ දී කාටවත් ඇඟ බේරගන්න බෑ. අපේ රටට ගැළපෙන දේ මෙතන දී සිද්ධ වෙලා නැති නම් මට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙනවා” යයිද ඇමතිවරයා පැවසීය.

 


අදහස් (0)

පාපන්දු සම්මේලනය වැට පනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.