Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයක්

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයට එහි විධායක සභාවේ දී විරුද්ද වූ ලීග පහක කමිටු රැස්වීමේ දී ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප‍්‍රකාශ කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයට එහි විධායක සභාවේ හා මධ්‍යම කමිටු රැස්වීමේ දී අනුමැතිය ලැබීමත් සමග එය නීතිගත වීම සඳහා සම්මේලනයේ මහ සභා රැස්වීමේ දී තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගත යුතුය.

ඒ අනුව ඒ සඳහා පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීම (2014) ලබන දෙසැම්බර් 14 වැනිදා කැඳවීමට තීරණය වී තිබේ. මේ අතර නව ව්‍යවස්ථා සංශෝධනයට මහ සභා රැස්වීමේ දී අනුමැතිය ලබා ගැනීමත් සමග මෙතෙක් හැඳින්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙනුවට එය එතැන් සිට ‘ශ්‍රී ලංකා පාපන්දු සංගමය’ යනුවෙන් හැඳින්වෙන බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා ලංකාදීපයට පැවසීය.

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මේලනයේ නාමය වෙනස් කිරීම සිදු වූයේ ‘‘ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචියේ හිමිකම පුද්ගලයකු සතු වීම නිසා බවත් ඔහු පැවසීය.

පසුගිය සෙනසුරාදා (1) රැස්වූ පාපන්දු සම්මේලනයේ විධායක සභා හා මධ්‍යම කමිටු රැුස්වීම්වල දී නව ලීග් සංවර්ධන වැඩ සටහන හා සම්මේලන ගිණුම් වාර්තාවට (2013) ඡන්ද 21/06ක්ම ලෙස අනුමත විය. කෙසේ වුවත් නව ලීග් සංශෝධන යෝජනාවට හා ගිණුම් වාර්තා (2013) අනුමැතියට විරුද්ධව ඡන්දය දුන් ගම්පොළ ලීගයේ ලේකම් සුනිල් සෙනවීර මහතා ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා දෙමින් ඡන්දය ප‍්‍රකාශ කළේය.

ඒ අතර විධායක සභාවේ දී ගාල්ල, කොළඹ, වෙන්නප්පුව හා කළුතර යන ලීග සභාපතිවරු යෝජනා තුනටම විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළත් මධ්‍යම කමිටු රැස්වීම නියෝජනය කළ එහි ලේකම්වරු ඊට අනුමැතිය ලබා දෙමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමත් කැපී පෙණුනි.

ඒ අනුව මධ්‍යම කමිටු රැස්වීමේ දී ලීග 47න් 46ක්ම යෝජනා තුනටම පක්‍ෂව ඡන්දය දුන් අතර ගම්පොළ ලීගයේ නියෝජිතයා එම රැස්වීමට සහභාගි නොවීය.

පාපන්දු සම්මේලනයේ නව ලීග් 26 ක් වත්මන් සභාපතිවරයා පැමිණීමෙන් පසු කි‍්‍රයාත්මක වේ. කෙසේ වුවත් ලබන දෙසැම්බර් 14 වැනිදා පැවැත්වෙන මහ සභා රැස්වීමට ලීග 66 ක නියෝජිතවරු ඇරියුම් ලබා සිටිති.

 


අදහස් (0)

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.