Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය (2022-23) මෙහෙයවන කමිටුව පිළිබඳව විශ්වාසයක් නැතැයි කියමින් නාම යෝජනා දුන් පාර්ශ්වයක් විරෝධතාවයක් ගොනු කිරීමට සැරසී සිටින බව වාර්තාවේ.
එදින පෙරවරු 10.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත පාපැදි සම්මේලනයේ නිලවරණය මෙහෙයවන කමිටුවේ සභාපතිවරයා වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඒ.ටී. ජයසිංහ හා විශ්‍රාමික පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ පාලිත ජයතිලක යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මෙවර නිලවරණයේදී සභාපතිධුරයට තරග වදින බී.ජේ. සුමනසේකර මහතාට සහය දක්වන පාර්ශ්වය නිලවරණ කමිටුව කෙරේ විශ්වාසය බිඳවැටී ඇතැයි කියමින් ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශයට විරෝධතා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ. නිලවරණ කමිටුව රැස්වූදා පටන් එහි ඇතැම් සාමාජිකයන්ගේ හැසිරීම ගැටළුකාරී බවත් සිය පාර්ශ්වය නාමයෝජනා අටකට එරෙහිව ඉදිරිපත් කළ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීමත් යන චෝදනා බී.ජේ. සුමනසේකර පාර්ශ්වය වෙතින් නිලවරණ කමිටුවට එල්ල වී තිබේ.
සිය විරෝධතා සම්බන්ධයෙන් නිසි අවදානයක් වගකිව යුත්තන් යොමු නොකරන්නේ නම් මැයි 20 වැනිදා පැවැත්වෙන නිලවරණ වර්ජනය කිරීම සම්බන්ධයෙන් එම පාර්ශ්වය මේ වනවිට අවධානය යොමු කරමින් සිටින බවද දැනගන්නට ඇත. ප්‍රවීනයන්ගේ පාපැදි සංගමයේ සභාපති පාපැදි සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු ද වන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා හා මොරටුව පහන්තුඩුව ක්‍රීඩා සමාජයේ සභාපති බී.ජේ. සුමනසේකර මහතා මෙවර පාපැදි නිලවරණයේදී තරග වදින ප්‍රධාන අපේක්ෂකයෝ වෙති.
වත්මන් සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා සුමනසේකර මහතාට සහයෝගය දක්වමින් ද වත්මන් ලේකම් නලින් අධිකාරිආරච්චි මහතා අමල් හර්ෂ ද සිල්වා මහතාට සහයෝගය දක්වමින් සභාපති ධුර සඳහා නාම යොජනා බාරදී තිබේ.
මේ අතර ප්‍රධාන ලේකම් ධුරයට වත්මන් ලේකම්වරයා යළිත් තරග වදින අතර එච්.එල්. ක්‍රිෂාන්ත මහ තා හා එස්.පී. ටියුඩර් යන මහත්වරුද එම ධුරයට නාම යොජනා බාරදී තිබේ.
උපසභාපති ධුර හතක් සඳහා 13 දෙනකු නාමයෝජනා බාරදී සිටින අතර ඉන් එක් ධුරයක් පාසල් සංගමයට නිතරගයෙන් හිමිවේ.
භාණ්ඩාගාරික ධුරයට වෛද්‍ය දීපාල් සූරියආරච්චි හා ඩී.එන්.ඒ. පාලිත යන මහත්වරු නාම යෝජනා බාරදී තිබේ.
නාම යෝජනා 9කට එරෙහිව විරෝධතා ඉදිරිපත්ව තිබෙන අතර නියමිත දිනයට පෙර ක්‍රීඩා සමාජ වලංගුභාවය සනාථ කෙරෙන ලියකියවිලි ඉදිරිපත් නොකිරීමේ චෝදනා පිට ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් සංගම් 11කට නිලවරණය තහනම් කර තිබේ.
කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික් පාපැදි සංගම් දෙක හැරුණු විට කිරිබත්ගොඩ ද ෆ්‍රෙන්ඩ්ස්, ගම්පහ කින්දරා, කුරුණෑගල ‘රන්තරු’, අනුරාධපුරය රංජිත් අනුර, අනුරාධපුරය ‘ශක්ති’, අනුරාධපුරය දීප්ති, සත්කෝරළ සුපර් වීල්, අනුරාධපුරය් ටූවීල් හා කටාන ෆ්‍රීඩම් රයිඩර්ස් යන ක්‍රීඩා සමාජ නිලවරණය තහනමට ලක්වූ ක්‍රීඩා සමාජයි. තහමට ලක්වූ මෙම දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
ඔවුන් තවදුරටත් අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා සභාපතිධුරය දරන හිටපු විධායක සභාව පිළිගනිමින් කටයුතු කරන බවද වාර්තා වේ. මේවන විට අන්තර්ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකාවේ නිල පාපැදි පරිපාලන ඒකකය ලෙස පිළිගන්නේද එන්. කරුණාරත්න මහතා සභාපතිධුරය දැරූ විධායක සභාවයි. එසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය එම පිළිගැනීම ලබාදී ඇත්තේ වත්මන් සභාපති ක්‍රිෂාන්ත මහතා ඇතුළු විධායක සභාවටය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.