Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාර්ලිමේන්තුවේ කියන දේවල් ගැන ඒ හැටි අවධානයක් නෑ

පාර්ලිමේන්තුවේ කියන දේවල් ගැන ඒ හැටි අවධානයක් නෑ

editorial - 2023 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

‘කෝප්’ කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කළබල නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

‘දයාසිරි ජයසේකර මහතා දේශපාලනඥයකු මිසක් වෛද්‍ය වෘත්තිකයකු නොවෙයි. මේක ඔහුගේ විෂය පථයට කිසිසේත් අදාළ නොවන ප්‍රකාශයක්. මේ දවස්වල පාර්ලිමේන්තුවේදී කෙරෙන කියන දේවල් ගැන ජනතාවගේ ඒ හැටි අවධානයක් නෑ. ඒ හින්දා මට නම් ඔය ඔහු කළ බව කියන ප්‍රකාශයේ කිසිසේත් වැදගත්කමක් පෙනෙන්න නෑ. දයාසිරි ජයසේකර මහතා ඔය කියන වන්ෂොට් කියන වෛද්‍යවරයෙක් ගැන මම දැනුවත් වෙලාත් නෑ යයිද ලංකාදීපය කළ විමසුමකදී සිල්වා මහතා පැවසීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය ඒකකයේ අධීක්ෂණ කටයුතු කරන ප්‍රධානියයි. ඔහු ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ වත්මන් සභාපතිවරයා ද වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් පෙරේදා (14) පාර්ලිමේන්තු කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී එහි සාමාජිකයකු වන හිටපු ක්‍රීඩා ඇමැතිවරයකුද වන දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට ප්‍රධාන හේතුවක්වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා ඇමැති දයාසිරි ප්‍රකාශ කර තිබුණේ වෛද්‍ය ඒකකයේ සිටින ‘වන්ෂොට්’ යයි කියන වෛද්‍යවරයා විසින් ආබාධ ඇතැයි හඳුනාගෙන ප්‍රතිකාර කරන ක්‍රීඩකයන්ගේ  එම ආබාධ තත්ත්වයන් තවදුරටත් වර්ධනය වී තිබෙන බවට හෙළිවී තිබෙන බවයි.

මෙම තත්ත්වය උඩ වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය  තවදුරටත් වර්ධනයවී තිබෙන බවත් බිනර ප්‍රනාන්දුට වසර ගණනාවක්ම පාදයේ ආබාධයකට මෙම වෛද්‍ය ඒකකය ප්‍රතිකාර කළත් සැබවින්ම ඔහුට  හටගෙන තිබුණේ කොන්දේ අමාරුවක් බවත් කෝප් කමිටුවේදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ වසර 10කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රතිකාර කරන තමා දයාසිරි ජයසේකර මහතා කියන අන්දමේ කාරණාවක් පිළිබඳව දැනුවත්වී නොසිටි බවයි.

‘මම නැවතත් කියන්නේ ඔහුගේ මේ කතාවට වටිනාකමක් ලැබෙන්නෙ නෑ. මොකද ඔහු වෛද්‍ය විෂය පථයට අදාල නොවන අයෙක්  හින්දා යයිද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

පාර්ලිමේන්තුවේ කියන දේවල් ගැන ඒ හැටි අවධානයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.