Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා උදාකරලීම සඳහා දිවයිනේ පාසල් 650 කට අවශ්‍ය ක්‍රිකට් ආම්පන්න බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා ආරම්භ කළේය. මෙය දිගු කලකට ඉහතදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ජාතික සංවර්ධන ගමන් මඟ‘ වැඩසටහට අයත් වන්නකි.
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා දිවයිනේ පාසල් වලට ක්‍රිකට් ආම්පන්න බෙදාදීම පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය ලෙසින් සැලකෙන කනිෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 13 න් පහළ සහ 15 න් පහළ බාළක වයස් කාණ්ඩ නියෝජනය කරන ලබන පාසල් 650 ක් සඳහා මෙම උපකරණ බෙදා දෙන ලදි. එහි පළමු අදියර ලෙස කොළඹ දිස්ත්‍රික්කය තුළ පාසල් 66 ක් සඳහා මෙම උපකරණ බෙදාදීම සිදුවිය.
මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් 50 කටද මෙම ක්‍රීඩා උපකරණ කට්ටලය බැගින් පිරිනැමෙනු ඇත. මෙම උපකරණ කට්ටලයට ක්‍රිකට් පිති 3 ක්, හිස් ආවරණ 2 ක්, පා ආවරණ කට්ටල 3 ක්, අත් ආවරණ කට්ටල 3 ක්, කඩුලු රැකීම සඳහා යොදා ගනු ලබන අත් ආවරණ සහ පා ආවරණ කට්ටලයක් ඇතුළත් වෙයි.
මෙම ක්‍රිකට් උපකරණ බෙදාදීමේ වැඩ සටහන ඉදිරියේදී දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීමට ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. අතර ඊට අමතරව ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට ද පියවර ගනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.