Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් 8 ක් ශක්තිය මැන බැලීමේ සටනක

පාසල් 8 ක් ශක්තිය මැන බැලීමේ සටනක

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ I කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් කණ්ඩායම් මේ වන විට තේරී පත්වී තිබේ.


තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 73 ක් සහභාගී වූ අතර එම කණ්ඩායම් එහිදී කාණ්ඩ 10 ක් යටතේ තරග වැදිණ. ඒ අතුරින් දෙවැනි වටයට කණ්ඩායම් 32 සුදුසුකම් ලබාගත් අතර එහිදී එම කණ්ඩායම් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදිණ. එම කාණ්ඩ අටේ ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් 16 තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.


පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල පරාජය කරමින් මොරටුව වේල්ස් කුමර විදුහලද, කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලද, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පරාජය කරමින් කොළඹ මහානාම විදුහලද, කුරුණෑගල ශාන්ත ආනා විදුහල පරාජය කරමින් පානදුර රාජකීය විදුහලද, කොළඹ නාලන්දා විදුහල පරාජය කරමින් පන්නිපිටිය ධර්මපාල විදුහලද, කුරුණෑගල මලියදේව විදුහල පරාජය කරමින් කොළඹ ශාන්ත පීතර විදුහලද, අම්බලන්ගොඩ ධර්මශෝක විදුහල පරාජය කරමින් කළුතර තිස්ස විදුහලද, කොළඹ ශන්ත ජෝෂප් විදුහල පරාජය කරමින් ගාල්ල මහින්ද විදුහලද අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබේ.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජනවාරි මස 5 වැනිදා වන විට අවසන් වීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව වටයේදී ජයග‍්‍රහණය කරන කණ්ඩායම් අතර තරග ලීග් ක‍්‍රමයට තරග පැවැත්වෙන අතර ප‍්‍රසාද ලකුණු සටහනට අනුව තරගාවලියේ ජයග‍්‍රාහකයන් තෝරා ගැනේ.


අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන ආකාරය

 

  •     මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර නුවරදී

 

  •     කොළඹ මහානාම විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර පානදුරේදී

 

  •     පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර කොළඹදී

 

  •     කළුතර තිස්ස විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ලේදී

 


අදහස් (0)

පාසල් 8 ක් ශක්තිය මැන බැලීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.