Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් ක්‍රිකට් තරග දිගටම

පාසල් ක්‍රිකට් තරග දිගටම

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

--------------------
ශානුක අරවින්ද
--------------------

මේ වන විට රට තුළ වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග කල් දමන ලෙස කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරියෙක් පැවසීය. ඒ අනුව යොදාගත් දිනවලදීම එම තරග පැවැත්වීමට කටයුතු කරන බව එම නිලධාරියා ‘ලංකාදීප’යට වැඩිදුරටත් පැවසීය.

සෙනසුරාදා (24 වැනිදා) අන්තර් පාසල් තරගාවලියේ II කොටසේ ‘බී’ කාණ්ඩායේ අවසන් පූර්ව තරග පැවැත්වීමට නියමිතය. ඉරිදා (25 වැනිදා) I කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග පැවැත්වේ.  26 වැනිදා II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර 28 වැනිදා I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග පැවැත්වෙනු ඇත.

මෙම සියලුම තරග මෙන්ම අප්‍රේල් 29, 30 සහ මැයි 1, 2 යන දිනවලදී පැවැත්වීමට නියමිත එක් එක් කාණ්ඩවල අවසන් මහ තරගද දැඩි සෞඛ්‍ය නීති අනුගමනය කරමින් පවත්වනු ලබන බවද පාසල් ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයා පැවැසීය. පාසල් ක්‍රිකට් සංගමයේ නියමය වන්නේ තරගයට සහභාගි වන සම්පූර්ණ කණ්ඩායම (පුහුණුකරුවන්ද සමග) 20 කට සීමා විය යුතු බවත්, කිසිම ආධාරකරුවකුට හෝ දෙමාපියන්ට තරග සඳහා පැමිණිය නොහැකි බවත්ය.

මේ වන විට දැඩි කොරා්නා අවදානමකට ලක්ව ඇති කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් කිසිදු අවසන් පූර්ව තරගයක් සඳහා  ඇතුළත්ව නොමැති බවත්, අවසන් පූර්ව තරග හෝ අවසන් මහ තරග එම ප්‍රදේශයේ හෝ එම ප්‍රදේශය ආසන්න ප්‍රදේශවල නොපැවැත්වෙන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

පාසල් ක්‍රිකට් තරග දිගටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.