Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මෙම වසරේදී හෝ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල (2022) පැවැත්වීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සිසු සිසුවියන්ට ක්‍රීඩා පුහුණුවීම් තහනම් කරමින් පනවා තිබූ නියෝග ළිහිල් කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අනුව 2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ පාසල් වාරය තුළ පාසල් සිසු සිසුවියන්ට පාසල් කාලය තුළදී බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීම තහනම් කරමින් පනවා තිබූ පනත එහිදී ළිහිල් කර තිබේ.
එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ 2022 මාර්තු 7 වැනිදා සිට අප්‍රේල් 29 වැනිදා දක්වා වන කාල සීමාව ඇතුළත පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන අයුරින් නිවාඩු දිනයන්ද යොදා ගනිමින් ක්‍රීඩා පුහුණුවීම් හා තේරීම් තරග සඳහා සහභාගිවීම සඳහා පාසල් සිසුසිසුවියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන බවයි.
2022 ජනවාරි මාසයේ පාසල් අධ්‍යාපන කටයුතු සඳහා ආරම්භ කළද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ජනවාරි සිට අප්‍රේල් 8 වැනිදා දක්වා කාලය 2021 පාසල් තෙවැනි වාරය (අවසන්) වාරය ලෙස සළකන බවයි.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වන සිසු සිසුවියන්ගේ වයස ගණනය කරන්නේ වසරේ ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාය.
ඒ අතර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා අදියර කීපයකින් පැවැත්වෙන බැවින් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් යෙදවීමට සිදුව තිබේ. සමස්ත ලංකා තරගාවලියට පෙර එය කොට්ඨාස, කලාප හා පළාත් යන අදියර දෙකකින් පැවැත්විය යුතුව ඇත.
ඉහත කාරණා සැළකිල්ලට ගනිමින් වසර 2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නව චක්‍රලේඛය පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත නිකුත් කර තිබේ.
ඒ අනුව කොවිඩ් වැළැක්වීමේ නීති රීතිවලට අනුගතව සිසු සිසුවියන්ට ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරීමටත් ඔවුන් තේරීම් තරගවලට සහභාගි කිරීමටත් අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන්ට නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සිය චක්‍රලේඛයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට උපදෙස් දී තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර 2020 හා 2021 යන පසුගිය වසර දෙකකදී ක්‍රීඩා උළෙල අත්හැර දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය.
එහිදී පාසල් සිසු සිසුවියන්ට අසාධාරණයක් වූයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඔවුන්ට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා දස්කම් වෙනුවෙන් හිමි වන ප්‍රසාද ලකුණු එම වසර දෙකේදී අහිමිවීමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.