Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
තර්ක්මෙනිස්ථානයට වට 3 - 1 කින් ඊයේ (10) පරාජය වීමෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලක) තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව සත්කාරක ශ්‍රී ලංකාවෙන් මුළුමණින්ම ගිළිහී ගියේය.
ඒ ලකුණු 22/25 - 18/25 - 25/22 - 16/25 ක් ලෙසිනි. කෙසේවූවත් ශ්‍රී ලංකාව මෙම තරගයේදීත් ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල සටනක් ලබාදීම කැපී පෙණුනේ එක් වටයක් ජය ගැනීමටද සමත් වීමෙනි.
පෙරේදා (9) තරගාවලියේ විවේක දිනයක් වූ අතර ඊයේ වන තෙක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව සිටියේ මාලදිවයින සමග තරගය පමණි.එහෙත් කිරිගිස්ථානය සමග තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වූවත් එය වට පහක් දක්වා ඇදී ගියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් එහිදී ප්‍රබල සටනක් දියත්වූ බැවිනි.
ඊයේ වන විට උස්බෙකිස්තානය හා තර්ක්මෙනිස්ථානය තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා නිර්දේශ තහවුරු කර ගෙන තිබුණි.ඊයේ පැවැති මූලික වටයේ තවත් තරග දෙකකදී උස්බෙකිස්තානය විසින් මාලදිවයිනද (වට 3-0) කිරිගිස්ථානය විසින් නේපාලයද (වට 3-0) පරාජය කරන ලදී.
අද (11) තරගාවලියේ මූලික වටය නිමාවට පත් වන අතර එහිදී ශ්‍රී ලංකාව උස්බෙකිස්තානය සමග තරග වදියි. ඒ පස්වරු 4 ටය. අවසන් පූර්ව තරග හෙට (12) පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.