Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැරා ක්‍රීඩා වැඩමුළුවක්

පැරා ක්‍රීඩා වැඩමුළුවක්

editorial - 2022 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික පැරලිම්පික් කමිටුව සංවිධානය කළ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් පැරා ක්‍රීඩා හා සම්බන්ධ වීමේදී සපුරාලිය යුතු සුදුසුකම් මැයෙන් වූ එක් දින වැඩමුළුව කොළඹ නාරාහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවත්වුණි.

ඒ සඳහා පැරලිම්පික් කමිටුවේ ආරාධනයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් විශේෂ අධ්‍යාපන ඒකක ගුරුවරුන් පිරිසක්ද සහභාගි වූහ. සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවත්වීමට නියමිත දිස්ත්‍රික් පැරා ක්‍රීඩා තරගාවලි සංවිධානයේදී පළමු වතාවට ජාතික පැරාලිම්පික් කමිටුව හා ඒකාබද්ධවීමට මෙම දෙපාර්ශ්වය තීරණය කර තිබේ.

ජුනි 27 සිට 30 වෙනිදා දක්වා පැවත්වීමට සැළසුම් කර ඇති ජාතික පැරා ක්‍රීඩා උළෙල සඳහා දිස්ත්‍රික් පැරා ක්‍රීඩා ඉසව් දෙවනි ස්ථානය දක්වා පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කර ගැනීමට එකඟතාවය පළවී තිබේ.

සමාජ සේවා අධ්‍යක්‍ෂ චන්දන රණවීරආරච්චි, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් දීපාල් හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම එක්දින වැඩමුළුව පැවැත්වුණි.
 

- 223


අදහස් (0)

පැරා ක්‍රීඩා වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.