Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පැසිපන්දු ශූරතා දිනති

පැසිපන්දු ශූරතා දිනති

editorial - 2023 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස් විසිනි)

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය සංවිධානය කළ වයස අවුරුදු 18 න් පහළ පළමු කාණ්ඩයේ  සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ බාලක හා බාලිකා ශූරතා දිනාගැනීමට කොළඹ සාන්ත ජෝසප් විදුහල් සහ බම්බලපිටිය ශූද්ධ වූ පවූලේ කන්‍යාරාම පැසිපන්දු කණ්ඩායම් සමත්වූහ.

කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවති බාලක අවසාන මහා තරගවලදී කොළඹ සාන්ත ජෝසප් විදුහල විසින් ලකුණු 63 - 53 කින් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල පරාජය කරන ලදි.

බාලිකා අවසන් තරගයේදී බම්බලපිටිය ශූද්ධ වූ පවූලේ කන්‍යාරාමය විසින් ලකුණු 65 - 34 කින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරන ලදි.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත ජෝසප් විදුහලේ මෙතික ජයසිංහ සම්මාන දිනාගත්තේය. හොඳම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එම්. ඉනාෂ් ද සහ හොඳම පන්දු විදින ක්‍රීඩකයා ලෙස සාන්ත ජෝසප් විදුහලේ අභය ගජමන්ගේ ද සම්මාන දිනා ගත්හ. 

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ කිෂුරී රෙයිස් සම්මාන දිනාගත්තාය. හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහනා කුමරේෂන් ද හොඳම පන්දු විදින ක්‍රීඩිකාව ලෙස ශූද්ධ වූ පවූලේ කන්‍යාරාමයේ දිහිනි ධර්මදාස ද සම්මාන දිනා ගත්හ.

රන්දිමා සූරියාරච්චි සහ ෂේන් ඩැනියෙල් යන මහත්වරුන් දෙවිදුහල් සම පුහූණුකරුවන් ලෙස කටයුතු කරති.  හේමාල් ප්‍රනාන්දු මහතා සහ රන්දිමා ජයසිංහ මහත්මිය පිළිවෙලින් සාන්ත ජෝසප් විදුහල් සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ කණ්ඩායම් භාර ආචාර්ය වරුන් ලෙස කටයුතු කරති.


අදහස් (0)

පැසිපන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.