Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පුජාරා - රහනේ හැළෙති

පුජාරා - රහනේ හැළෙති

editorial - 2022 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ඉන්දීය සංචිතයෙන් චෙටේස්වාර් පුජාරා සහ අජින්ක්‍යා රහනේ ඉවත් කර තිබේ.

දෙදෙනටම ටෙස්ට් සංචිතයේ ස්ථාන අහිමි වී ඇත්තේ ලකුණු අතර නොසිටීම හේතුවෙනි.
අන්තර්ජාතික ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මෙම තරගාවලිය මාර්තු මස 4 වැනිදා ආරම්භ වෙයි. එය ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලියකි. ඉන්දීයාවේ ටෙස්ට් සහ සීමිත ඕවර කණ්ඩායම් වල නායකත්වය රෝහිත් ෂර්මාට පැවරී තිබෙන අතර ජස්ප්‍රීට් බුම්රා ඔහුගේ උපනායකයා වෙයි.

ටෙස්ට් සංචිතයෙන් ඉවතට විසිවී සිටින පුජාරා සහ රහනේ දෙදෙනාම මේ වන විට පැවැත්වෙමින් තිබෙන රංජි කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටිති. එහිදී අජින්ක්‍යා රහනේ ශතකයක් ලබාගැනීමට සමත් වූවත් අද (19 වැනිදා) පැවැති තරගයකදී පන්දු 4 කට මුහුණ දීමෙන් පසුව චෙටේස්වාර් පුජාරා ලකුණු නොලබා දැවී ගොස් තිබේ.

විරාට් කෝලි සහ රිෂාබ් පාන්ට් දෙදෙනාම ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී විවේක ගන්වා ඇතත් ටෙස්ට් සංචිතයට නම්කර ඇත. ශර්දුල් ඨාකූර් සම්පූර්ණ තරගාවලියෙන්ම විවේක ගන්වා ඇති අතර ලෝකේෂ් රාහුල් සහ වොෂිංටන් සුන්දර් දෙදෙනා කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී ආබාධයන්ට ලක්වූහ.
ආබාධයක් හේතුවෙන් ඉන්දීය පිලේ දකුණු අප්‍රිකානු සංචාරය අහිමි කරගත් රවීන්ද්‍ර ජදේජා ටෙස්ට් සහ විස්සයි-20 සංචිත දෙකටම කැඳවා තිබේ.

රිෂාබ් පාන්ට් නොමැති හෙයින් විස්සයි-20 තරගාවලියේදී කඩුලු රැකීමේ වගකීම සංජු සැම්සන්ට බාර කෙරෙනු ඇත. ටෙස්ට් තරග දෙකේදී කේ. එස්. භාරත් කඩුලු රැකීමේ වගකීම බාරගනී.

උත්තර් ප්‍රාන්තය නියෝජනය කරන සෞරබ් කුමාර් පළමු වතාවට ඉන්දීය සංචිතයට කැඳවා තිබේ. 28 හැවිරිදි වමතින් දඟ පන්දු යවන්න්නා 2019/20 තරගවාරයේදී තරග 8 කින් කඩුලු 44 ක් දවාගෙන තිබේ. ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සමගින් තරග කළ සෞරබ් නැගී එන පන්දු යවන්නකු වශයෙන් අවධානය දිනාගෙන සිටින්නෙකි.


ඉන්දීය විස්සයි-20 සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රීට් බුම්රා (උප නායක), රුතුරාජ් ගයික්වාඩ්, ඉෂාන් කිෂාන්, සුර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, වෙන්කටේෂ් අයියර්, දීපාක් හූඩා, බුවනේෂ්වර් කුමාර්, දීපාක් චහාර්, හර්ෂාල් පතෙල්, මොහොමඩ් සිරාජ්, සංජු සැම්සන් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජදේජා, යුෂ්වේන්ද්‍ර චහාල්, රවී බිෂ්නෝයි, කුල්දීප් යාදව් සහ අවේෂ් ඛාන්

ඉන්දීය ටෙස්ට් සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රීට් බුම්රා (උප නායක), මයන්ක් අගර්වාල්, ප්‍රියාන්ක් පංචාල්, විරාට් කෝලි, ශ්‍රෙයාස් අයියර්, හනුමා විහාරි, ෂුබ්මන් ගිල්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), කේ.එස්.භාරත් (කඩුලු රකින්නා), රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, ජයාන්ත් යාදව්, කුල්දීප් යාදව්, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, උමේෂ් යාදව් සහ සෞරබ් කුමාර්

- 213

 


අදහස් (0)

පුජාරා - රහනේ හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.