Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නෙදර්ලන්තයේදී පැවැති ‘අයින්ධෝවන් බොක්ස් කුසලාන’ ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් දිනා දීමට පූර්ණිමා ජයසූරිය සහ ධනංජය වීරසිංහ සමත් වූහ. ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරති.
එහිදී කිලෝ ග්‍රෑම් 75 කාන්තා බර පංතියේ රිදී පදක්කම දිනාගැනීමට පූර්ණිමා ජයසූරිය සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 64 පිරිමි බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ධනංජය වීරසිංහ සමත් විය.
අවසන් මහ තරගයේදී ප්‍රංශයේ ඩැවීනා මිචෙල් හමුවේ පරාජය වීම නිසා පූර්ණිමාට රිදී පදක්කම හිමි වූ අතර එය මේ වසරේදී (2019) ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් දිනාගත් ඉහළම පදක්කම ලෙස සටහන් විය.
අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්නිස්තානයේ ටසාල් මොසායි පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ධනංජයට, එහිදී තායිලන්තයේ අටිචායි පොයෙම්සප් හමුවේ පරාජය වීම නිසා ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු විය.
මෙම තරගාවලිය සඳහා රුසියාව, කසකස්තානය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය යන රටවල්ද ඇතුළුව ලොව පුරා රටවල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 128 ක් සහභාගි වූහ.
ධනංජය වීරසිංහ |
පූර්ණිමා ජයසූරිය |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.