Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරග හෙට සිට

පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරග හෙට සිට

Nisanka Sandeepani - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කනිෂ්ට ඬේවිස් කුසලාන සහ ෆෙඞ් කුසලාන තරගාවලි සඳහා පෙර සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග හෙට (4 වැනිදා) සිට 10 වැනිදා දක්වා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.   

එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලක කණ්ඩායමට නේලක දිසානායක, චාතූර්ය නිලවීර, ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් ඇතුළත්ව සිටිති. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුධන්ත සොයිසා විසිනි. 

එහිදී බාලක කණ්ඩායම් 13 ක් සහ බාලිකා කණ්ඩායම් 10 අතරින් ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 2 බැගින් කනිෂ්ට ඬේවිස් කුසලාන සහ ෆෙඞ් කුසලාන තරගාවලින්හි සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වීම සඳහා අවස්ථාව උදා කරගනු ඇත. 

කනිෂ්ඨ ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 
බහරේනය, බංග්ලාදේශය, කාම්බෝජය, ලෙබනනය, මැලේසියාව, ඕමානය, පැසිපික් ඔස්නියාව, සවුදි අරාබිය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සිරියාව, තුර්ක්මේනිස්ථානය, වියට්නාමය 

කනිෂ්ඨ ෆෙඞ් කුසලාන තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 
බංග්ලාදේශය, ජෝර්දානය, කසකස්ථානය, ලෙබනනය, පැසිපික් ඔස්නියාව, පිලිපීනය, කටාරය, සිංගප්පූරුව, තුර්ක්මේනිස්ථානය, වියට්නාමය 

-036


අදහස් (0)

පෙර සුදුසුකම් ලැබීමේ වටයේ තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.