Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පෙරමුණට තියුණු සටනක්

පෙරමුණට තියුණු සටනක්

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 21 ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කණ්ඩායම් 3 ක් අතර ඉතා තියුණු සටනක් නිර්මාණය වී තිබේ. මේ දක්වා තරග 5 කට සහභාගි වී, ඉන් තරග 4 බැගින් ජයගෙන ඇති චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් ලකුණු 8 බැගින් ලබා සම තත්ත්වයේ පසුවෙයි.

එම කණ්ඩායම් ලබා සිටින දල ලකුණු වේගය අනුව චෙන්නායි කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණ හිමිව ඇති අතර දිල්ලි කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, බැංගලෝර් කණ්ඩායම තෙවැනි ස්ථානයටත් පත්ව සිටියි. කෙසේ වුවත් දිල්ලි කණ්ඩායම සහ බැංගලොර් කණ්ඩායම අතර අද (27 වැනිදා) අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිත තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙනු ඇත.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ශිකාර් ධවාන් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 5 කදී අර්ධ ශතක 2 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 259 කි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 92 මේ දක්වා ධවාන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 51.80 ක් ලෙස සටහන් වේ.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පතෙල් සමත් වී තිබේ.තරග 5 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 15 කි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගැනීම පතෙල්ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 11.13 කි.


-036

 


අදහස් (0)

පෙරමුණට තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.