Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පේරු රාජ්‍යයේ ලිමා නුවරදී මෙම මස 26 වැනිදා ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා (වයස 20 න් පහළ) ශූරතා තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට වියදම් ලබා දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය ජනාධිපති අරමුදලෙන් ඉල්ලීමක් කර තිබේ.
අගෝස්තු 31 වැනිදා දක්වා ලීමා නුවරදී පැවැත්වෙන මෙම ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නිර්දේශවී තිබේ.
කෙසේවූවත් මෙම තරග සංචාරය සදහා වියදම් ලබාදීමේ හැකියාවක් නැති බවට ක්‍රීඩා අමාතාංශය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට මේ වන විට දැනුම්දී තිබේ.ඊට හේතු ලෙස දක්වා ඇත්තේ විදෙස් තරග සංචාර සදහා මෙම වසරට වෙන් කර තිබූ අරමුදල් අවසන්වී තිබීමය. මේ වන විට ක්‍රීඩා අරමුදලෙන් ඒ සදහා වියදම් ලබාදීමද කළ නොහැකි බවට ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ එම අරමුදලේ තැන්පතුද මේ වන විට වියදම් කර අවසන්ව ඇතැයි ප්රකාශවීමය.
පේරු තරග සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවට මෙරට නිලධාරියෙකු පිටත් කර යවමින් වීසා ලබා ගැනීමට මලල ක්‍රීඩා ආයතනය කටයුතු කර තිබේ. ඊට හේතුව මෙරට පේරු රාජ්‍යයේ තානාපති කාර්යාලයක් ක්‍රියාත්මක නොවීමය.
පැය 18 ක දීර්ඝතම ගුවන් ගමනකින් පසුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ලීමා නුවරට ළගාවීමට සිදුවේ.දැනට සංචාරය සැලසුම් කර තිබෙන අන්දමට ඩුබායි, බ්‍රසීලයේ සාවෝ පෝලෝ හරහා ලීමා නගරයට ළගාවීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිවරයකු වන චන්දන ඒකනායක මහතා මෙම තරග සංචාරයේදී කළමනාකරු ලෙස කටයුතු කරයි.භද්‍රා ගුණවර්ධන මහත්මිය හා නිෂාන්ත කුමාර මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ වෙති.
මේ පිළිබදව ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ක්‍රීඩකයන්ට සාධාරණයක් වන ආකාරයෙන් ප්රශ්නය නිරාකරණය කර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය හැකි සෑම උත්සහයක්ම ගන්නා බව පැවැසීය.
‘‘මේකට හේතු වෙලා තියෙන්නෙ විදෙස් තරග සංචාර වලට වෙන් කරලා තිබෙන ක්‍රීඩා අරමුදල් අවසන් වීමයි.ක්‍රීඩා අරමුදලත් මේ වෙනකොට හිදිලා වගේ තිබෙන්නේ. මේ නිසා දැන් අපි උත්සහයක් දරමින් ඉන්නවා ජනාධිපති අරමුදලෙන් මේකට උදව්වක් ගන්න. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරිමටත් පියවර ගන්නවා.’’ යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.
කෙසේවූවත් මෙම තරග සංචාරය සදහා අවම රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් දැරීමට සිදු වනු ඇතැයිද වාර්තාවේ.ඉන් වැඩි වියදමක් ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා වැය වනු ඇත.
ලෝක ශූරතා (වයස 20 න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියට සභාභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම
* පිරිමි :- දිනුත් ඉදුවර වීරරත්න (මීටර් 100 - මීටර් 4x100 - මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල), මෙරෝන් ජූලියන් විජේසිංහ (මීටර් 100 -මීටර් 4x100 - ආනන්ද විදුහල), රාජ්මුණී ඉදුසර විදුෂාන් (මීටර් 200 - මීටර් 4x100 - ආනන්ද විදුහල), මලිත් කවුෂාන් තමෙල් (මීටර් 200 - මීටර් 4x400 - කදාන ද මැසිනොද් විදුහල), අයේෂ් මිහිරංග (මීටර් 4x400 - ගාල්ල මහින්ද විදුහල), ජත්යා කිරුලු (මීටර් 400 - ගාල්ල මහින්ද විදුහල, සදුන් කෝසල (මීටර් 110 - කඩුලු - වත්තල ලයිසියම්), අයොමාල් අකලංක (මීටර් 400 - කඩුලු - අඹගමුව මැදි විදුහල), දිනූෂාන් මෙන්ඩිස් (උස පැනීම - වත්තල ලයිසියම්), ලෙසදු ආතාවිදු (උස පැනීම - ආනන්ද විදුහල),
* කාන්තා -: ජිත්මා විජේතුංග (මීටර් 400 - වත්තල ලයිසියම්), මධුෂාණි හේරත් (දුර පැනීම - තුන් පිම්ම - බිබිල නන්නපුර මහ විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.