Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පොලිස් වොලිබෝල් පිල ඉවතට

පොලිස් වොලිබෝල් පිල ඉවතට

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජ්‍ය සේවා මාතලේ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා තරගාවලිය මාතලේ බර්නාඞ් අළුවිහාරේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (20 වැනිදා) ආරම්භ වූ අතර එම තරගාවලියට සහභාගි වූ මාතලේ දිස්ති‍්‍රක් පොලිස් වොලිබෝල් කණ්ඩායම ආරම්භක අවස්ථාවේදීම පිටියෙන් ඉවත් කරන ලදි.

මාතලේ අතිරේක දිසාපතිනි තේජානි තිලකරත්න මහත්මියගේ ලිඛිත දැනුම් දීමක් මත මෙම පොලිස් කණ්ඩායම පිටියෙන් ඉවත් කර තිබේ.

මෙම පොලිස් කණ්ඩායම 2012 සහ 1013 වර්ෂ වල රාජ්‍ය සේවා මාතලේ දිස්ති‍්‍රක් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගත් කණ්ඩායම බව මාතලේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මාතලේ පොලිස් කණ්ඩායම මෙදින වොලිබෝල් තරගය සඳහා වෙනත් පොලිසි වල පොලිස් නිලධාරීන් ඒකාබද්ධ කර තරගයට සූදානම් වූ නිසා එම කණ්ඩායම පිටියෙන් ඉවත් කළ බව තරගාවලියේ නිලධාරියෙක් පැවසීය.

 


අදහස් (0)

පොලිස් වොලිබෝල් පිල ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.