Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා තරග 14-15 දියගමදී

ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා තරග 14-15 දියගමදී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ සැප්තැම්බර් මසයේ ජපානයේදී පැවැත්වීමට නියමිත ආසියානු ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගනු ලබන සුදුසුකම් ලැබීමේ මලල කී‍්‍රඩා තරගාවලිය ජූනි මස 14 සහ 15 යන දින වලදී දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට අලූතින් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා සංගමය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ප‍්‍රවීණ මළල කී‍්‍රඩකයන්ගේ පැරණි සංගමයේ සාමාජිකත්වය දරන මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටද ඇතුළුව, සියලූම ප‍්‍රවීණ මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා මෙම තරගාවලිය විවෘත වේ. සියලූම අයැදුම්පත් සිරිල් පෙරේරා, තරගාවලි ලේකම්, 155/1, ගන්නෝරුව, පේරාදෙණිය යන ලිපිනයට යොමු කළ යුතුය.

අයැදුම්පත් බාරගැනීම මේ මස 31 වැනිදායින් අවසන් වන අතර තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 071-8191369 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැක.
 
මෙම තරගාවලියේ සමාරම්භක මළල කී‍්‍රඩා උළෙලට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පමණක් මේ වසරේදී අනිකුත් ආසියාතික රටවල පැවැත්වෙන ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලි සඳහා සහභාගී කරවීමට අලූතින් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා ප‍්‍රවීනයන්ගේ මළල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබේ.


 - 036


අදහස් (0)

ප‍්‍රවීණයන්ගේ මළල කී‍්‍රඩා තරග 14-15 දියගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.