Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (1 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කරගත් බංගලාදේශ පිල තරග 5 කින් සමන්විත වූ එක්දින තරගාවලිය 5-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ කී‍්‍රඩකයෝ ඕවර 24.3 ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
පන්දු 55 කට මුහුණ දෙමින් හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 51 ක් රැස්කළ මහමදුල්ලා තම කණ්ඩායමේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ටෙන්ඩායි චටාරා, ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිලට ඕවර 30 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 128 ක් පමණි.
එහිදී හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ හැමිල්ටන් මසකඞ්සා ලකුණු 52 ක් රැස්කළ අතර සිම්බාබ්වේ පිතිකරුවන් 8 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට බංගලාදේශ පන්දු යවන්නෝ සමත්වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 11 කට කඩුලූ 4 ක් දවාගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනුවිසුණු කර දැමීය. තුන් ඉරියව් කී‍්‍රඩක ශකීබ් අල් හසන්, ලකුණු 30 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඔහුට මනා සහයක් දුන්නේය.
සිම්බාබ්වේ පිල - ඕවර 30 කදී සියලූ දෙනා දැවී 128
(හැමිල්ටන් මසකඞ්සා 52, වුසී සිබන්ඩා 37, තයිජුල් ඉස්ලාම් 11/4, ශකීබ් අල් හසන් 30/3, ජුබේර් හුසේන් 41/2)
බංගලාදේශ පිල - ඕවර 24.3 කදී කඩුලූ 5 ක් දැවී 130
(සෞම්යා සරකාර් 20, මහමදුල්ලා නොදැවී 51, සබීර් රෙහෙමාන් නොදැවී 13, ටෙන්ඩායි චටාරා 44/3, ටිනාෂේ පන්යන්ගාරා 49/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.