Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල ශාන්ත කිට්ස් සහ නෙවීස් පිල අතර පැවැත්වෙන නිල නොවන තුන්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (31 වැනිදා) තරගය නරත කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත කිට්ස් සහ නෙවීස් පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටියේය.
දිනය නිමාවන විට ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී ලකුණු 70 ක් රැස්කරගෙන කඩුල්ලේ රැදීසිටියේය. ආරම්භක පිතිකරු ශේන් ජෙෆර්ස් ලකුණු 118 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 22 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 377 ක් ලබා සිටියදී ඉනිම අත්හුටුවා ශාන්ත කිට්ස් සහ නෙවීස් පිලට පන්දුවට පහරදීමට ආරාධනා කර සිටියේය.
එහිදී නායක මුෂ්ෆික රහීම් (නොදැවී 106) සහ නසිර් හුසේන් (100) ශතක රැස්කළ අතර ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට ඇතිවූ සම්බන්ධතාව ලකුණු 191 කි.
මුෂ්ෆික රහීම්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්වූ අතර නසිර් හුසේන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
පන්දුයැවීමේදී ජෙරමියා ලෙවිස් සහ කුයින්ටන් බොට්ස්වේන් කඩුලූ 2 බැගින් දවාගත්හ.
අද (1 වැනිදා) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
බංගලාදේශ පිල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී ලකුණු 377
(ටමීම් ඉක්බාල් 20, ඉම්රුල් කයාස් 44, මහමදුල්ලා 27, ශුවගත හෝම් 48, මුෂ්ෆික රහීම් නොදැවී 106, නසිර් හුසේන් 100, ජෙරමියා ලෙවිස් 56/2, කුයින්ටන් බොට්ස්වේන් 47/2)
ශාන්ත කිට්ස් සහ නෙවීස් පිල පළමු ඉනිම - කඩුලූ 4 ක් දැවී ලකුණු 232
(ශේන් ජෙෆර්ස් 118, ශිව්නරේන් චන්ද්‍රපෝල් නොදැවී 70, ටොනිටෝ විලියට් 21)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.