Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තායිලන්තය පරදවති
ආසියානු කුසලාන වි20 කාන්තා

බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තායිලන්තය පරදවති

editorial - 2024 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගය ලෙස බංග්ලාදේශ කාන්තා පිල සහ තායිලන්ත කාන්තා පිල අතර රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 3 දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකාරිණී මුර්ෂිදා ඛාතූන් පන්දු 55 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 50 ක් රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය. දිලාරා අක්තර් පන්දු 11 කින් ලකුණු 17 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා කණ්ඩායමට රබෙයා ඛාන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96 ක් පමණි. එහිදී ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳහෙළීමට රබෙයා සමත් වූ අතර රිතූ මොනි සහ සබිකුන් නහාර් කඩුලු 2 බැගින් දවාගත්හ. 

තායිලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ආරම්භක පිතිකරිණී නතායා බූචතම් පන්දු 41 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 40 ක් රැස්කළාය. කෙසේ වුවත් පිතිකාරිණියන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑම තායිලන්ත කණ්ඩායමට විශාල පාඩුවක් විය. 


තායිලන්ත කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 96  
(නතායා බූචතම් 40, සුලීපෝන් ලඕමි 17, රබෙයා ඛාන් 14/4, රිතූ මොනි 10/2 සබිකුන් නහාර් 28/2) 

බංග්ලාදේශ කාන්තා පිල - ඕවර 17.3 කදී කඩුලු 3 දැවී 100 
(දිලාරා අක්තර් 17, මුර්ෂිදා ඛාතූන් 50, ඉෂාමා මූනි 16) 

-036 

 

(ඡායාරූප - ආසියානු ක්‍රිකට් සම්මේලනය අනුග්‍රහයෙනි)


අදහස් (0)

බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තායිලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.