Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ පිලේ වටිනාකම ඩොලර් මිලියන 19 ක්

බංග්ලාදේශ පිලේ වටිනාකම ඩොලර් මිලියන 19 ක්

editorial - 2021 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


බංග්ලාදේශයේම අලෙවි ආයතනයක් වන බැන් ටෙක් සමාගම සමග වසර 2 ක කාලයක් සඳහා රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් ගිවිසුම් අත්සන් කර ඇත. මේ මස 18 වැනිදා සිට 2023 ඔක්තෝබර් 23 දක්වා කාලය සඳහා රූපවාහිනි විකාශන අයිතිය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.

මෙම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 19.07 ක් (බංග්ලාදේශ ටකා කෝටි 161.5) බව වාර්තා වේ. මින් පෙර ගාසි ටීවී සමඟ වසර හයක් පුරා පැවති ඩොලර් මිලියන 20.02 ක විකාශන ගනුදෙනුවට සාපේක්ෂව 5% ක අඩුවීමක් තිබියදීත්, බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය මෙම ගනුදෙනුව පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසීය.

වෙන්දේසියට පෙර ඔවුන්ගේ ලංසුවට ආසන්තම ලංසුව බැන් ටෙක් සමාගම ඉදිරිපත් කළ බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙහි මූල්‍ය සභාපති කියා සිටියේය. වසර දෙකක කාලය තුළ බැන් ටෙක් සමාගම ටෙස්ට් තරග 7 ක්, එක්දින තරග 18 ක් සහ විස්සයි 20 තරග 19 ක් ඇතුළත් දේශීය තරග 9 ක් ආවරණය කරයි.

“ඉදිරි වසර දෙක සඳහා බෑන් ටෙක් අපගේ මාධ්‍ය අයිතිය ලබා ගත්තා. අපි අපේක්ෂා කළ අගය ආසන්නයට ලංසු තැබීමට ඔවුන් සමත් වූ නිසා (බෑන් ටෙක් සමාගම) අපි සතුටු වෙනවා” යයිද ඔහු කීවේය.

මේ වසර මුලදී, බෑන් ටෙක් සමාගම විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති තරගාවලියක විකාශන අයිතිය මිලදීගෙන ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 2.12 කට ලබා ගෙන ඇති අතර එය අවම මිලට වඩා ඩොලර් 620,000 ක අඩුවකි. බංග්ලාදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩා විකාශන සඳහා අයිතිය සිය රටේ සමාගමකට ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. විවිධ ක්‍රිකට් තරගාවලි සඳහා කොරෝනා වසංගතයේ මූල්‍යමය බලපෑම සැලකිල්ලට ගත්විට, සාමාන්‍ය තත්වයන් යටතේ ඉහළ අනුපාතයක් ඉල්ලා සිටියද බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය සඳහා මෙය සාධාරණ ගනුදෙනුවකි.

මේ මස 23 වනදා සිට ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන එක්දින තරගාවලියේ විකාශන කටයුතු සම්බන්ධයෙන් මේ වනවිට බැන් ටෙක් සමාගම විසින් ටී ස්පෝර්ට්ස් සහ ගාසි ටීවී සමඟ සාකච්ඡා පවත්වන බවට වාර්තා පළ වී තිබේ.  එංගලන්තය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, පකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් ජනවාරි 30 වනදා දක්වා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතය. පසුගිය මාසයේ පැවති ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වීමෙන් පසු බංග්ලාදේශය  මෙතැන් සිට ශ්‍රී ලංකාවට එරෙහිව වඩා හොඳ දස්කම් දැක්වීමට අපේක්ෂා කරයි.


- 2079

 


අදහස් (1)

බංග්ලාදේශ පිලේ වටිනාකම ඩොලර් මිලියන 19 ක්
  • sam Monday, 24 May 2021 08:25 AM

    ලංකාවේ නම් මේක යන්නේ සභාපතිගේ පුද්ගලික ගිණුමට... බුකියා හිටපු කාලේ ඒකයි... හැබැයි නඩුත් නැහැ. බඩුත් නැහැ. බුකියා ඒ සල්ලිවලින් තවමත් සුරසැප විඳිනවා. අනේ මෙහෙම ලංකාවක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.