Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශ සංචාරයෙන් 10 ක් ඉවත් වෙති

බංග්ලාදේශ සංචාරයෙන් 10 ක් ඉවත් වෙති

editorial - 2020 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ටෙස්ට් නායක ජේසන් හෝල්ඩර් සහ එක්දින සහ විස්සයි20 නායක කිරන් පොලාර්ඞ් බංග්ලාදේශ සංචාරයට එක් නොවීමට තීරණය කර තිබේ. මෙම ක්‍රීඩකයන් දෙදෙනා සමගින් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව 10 කි.

ඩැරන් බ්‍රාවෝ, ශෙමාරා බෘක්ස්, රොස්ටන් චේස්, ෂෙල්ඩන් කොට්ටේ‍රල්, එවින් ලුවිස්, ෂායි හෝප්, ශිම්රන් හෙට්මියර් සහ නිකලස් පූරන් මෙම තරගාවලියෙන් ඉවත් වූ අනෙක් ක්‍රීඩකයෝ වෙති. එමෙන්ම ෆේබියන් ඇලන් සහ ෂේන් ඩව්රිච් ද පෞද්ගලික හේතු නිසා තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇත. බ්‍රාවෝ, හෙට්මියර් සහ කීමෝ පෝල් එංගලන්ත සංචාරයෙන් ද ඉවත් වූහ.

මේ වන විට ලක්ෂ 5 කට අධික බංග්ලාදේශ ජාතිකයින් සංඛ්‍යාවකට කොරොන වයිරසය ආසාධනයවී ඇති අතර 7,500 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇණහිටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමෙන් පසු එංගලන්තයට හා නවසීලන්තයට ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගිවන තෙවැනි සංචාරය බංග්ලාදේශ සංචාරයයි.

හෝල්ඩර් නොමැති හෙයින් ක්‍රේග් බ්‍රැත්වෙයිට් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන අතර ජේසන් මොහොමඞ් සීමිත ඕවර කණ්ඩායමට නායකත්වය දෙනු ඇත.

“ආකෘති දෙකෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගණනාවක් ඉවත්වුවද, අපගේ කණ්ඩායම් ඉතා ශක්තිමත් වනු ඇතැයි මම අපේක්ෂා කරනවා,” යැයි බටහිර ඉන්දීය කොදෙව් ආයතනයේ ප්‍රධාන තේරීම්කමිටු නිලධාරී රොජර් හාපර් මහතා පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජනවාරි 10 වැනිදා ඩකා නුවරට පැමිණීමට නියමිත අතර එක්දින තරගාවලිය ජනවාරි 20 සිට ආරම්භවේ. ටෙස්ට් තරගාවලිය පෙබරවාරි 3 වැනිදා සිට පැවැත්වේ.
 

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතය:
ක්‍රේග් බ්‍රැත්වයිට් (නායක), ජර්මයින් බ්ලැක්වුඞ්, කෘමා බෝනර්, ජෝන් කැම්බල්, රකීම් කෝර්න්වෝල්, ජෝෂුවා ද සිල්වා, ෂැනන් ගේබි්‍රයෙල්, කාවෙම් හොජ්, අල්සාරි ජෝශප්, කයිල් මේයර්ස්, ෂේන් මොසෙලි, වීරසාමි පර්මාල්, කෙමාර් රෝච්, රේමන් රීෆර්, ජොමෙල් වොරිකන්.

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය:
ජේසන් මොහොමඞ් (නායක), සුනිල් ඇම්බි්‍රස්, කෘමා බෝනර්, ජෝෂුවා ද සිල්වා, ජමාර් හැමිල්ටන්, චෙමාර් හෝල්ඩර්, අකීල් හොසේන්, අල්සාරි ජෝශප්, කයිල් මේයර්ස්, ඇන්ඞ්්‍ර මැකාති, ජෝර්න් ඔට්ලි, රොව්මන් පවෙල්, රේමන් රීෆර්, රොමාරියෝ ෂෙපර්ඞ්, හේඞ්න් වොල්ෂ්.
 
- 2079

 


අදහස් (0)

බංග්ලාදේශ සංචාරයෙන් 10 ක් ඉවත් වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.