Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශයට දැවැන්ත ජයක්

බංග්ලාදේශයට දැවැන්ත ජයක්

editorial - 2021 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව්රෝස් නබිල්ගේ (නොදැවී 127) ශතකයත්, මොහොමඞ් ෆාහීම්ගේ (නොදැවී 58) අර්ධ ශතකයත් හේතුවෙන් සාජාහිදී අද (24 වැනිදා) පැවැති යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ තරගයකදී නේපාල යොවුන් පිලට එරෙහිව ලකුණු 154 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ යොවුන් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 298 ක ඉලක්කයක් හඹාගිය නේපාල යොවුන් පිලට  ඕයර 42.3 කදී සියලූදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.

ලකුණු 81 කට කඩුලූ 6 ක් අහිමිව තිබියදී 7 වැනි කඩුල්ලට එක්වූ බිබෙක් යාදව් සහ ගුල්ෂාන් ජා පන්දු 59 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ. 7 වැනි කඩුල්ල ලෙස බිබෙක් යාදව් සහ 8 වැනි කඩුල්ල ලෙස ගුල්ෂාන් ජා දැවීයාමත් සමග නේපාල ඉනිමට තවත් ලකුණු එක්වීමට පෙරම ඉතිරි කඩුලූ දෙකද දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

බිබෙක් යාදව් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් ලබාගත් අතර ගුල්ෂාන් ජා පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක් ලබාගත්තේය. එක් අන්තයක කඩුලූ බිඳ වැටෙන තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දු 60 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි බිබෙක් මාගර් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් ලබාගැනීමට සමත් විය.

එස්.එම්.මෙහෙරොබ්, ටන්සිම් හසන්, රකිබුල් හසන් සහ නයිමුර් රොහ්මන් කඩුලූ 2 බැගින් දවාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 297 ක් රැස්කිරීමට සමත් විය.

පළමු කඩුලූ 3 ලකුණු 105 ක් තුල බිඳවැටීමෙන් පසුව 4 වැනි කඩුල්ල සඳහා එක්වූ නව්රෝස් නබිල් සහ මොහොමඞ් ෆාහීම් පන්දු 99 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ. 43 වැනි  ඕවරය අවසන්වීමත් සමග ආබාධයක් හේතුවෙන් මොහොමඩ් ෆාහීම් පිටියෙන් ඉවත්වීම හේතුවේ එම සම්බන්ධතාව අතර මඟ නතර කෙරුණි.

නමුත් ඉන් පසුව පිටියට පිවිසි එස්.එම්.මෙහෙරොබ් සමගින් එක්ව පන්දු 33 කදී තවත් ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වීමට නව්රෝස් නබිල්ට හැකිවිය.

නව්රෝස් නබිල් පන්දු 112 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 127 ක් ලබාගත් අතර මොහොමඞ් ෆාහීම් පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 58 ක් ලබාගත්තේය.


බංග්ලාදේශ යොවුන් පිල -  ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 297
(ඉෆ්තිකාර් හුසේන් 21, නව්රෝස් නබිල් නොදැවී 127, අයිච් මොල්ලා 22, මොහොමඞ් ෆාහීම් නොදැවී 58, එස්.එම්.මෙහෙරොබ් 21)

නේපාල යොවුන් පිල -  ඕවර 42.3 කදී සියලූදෙනා දැවී 143
(බිබෙක් මාගර් 33, බිබෙක් යාදව් 26, ගුල්ෂාන් ජා 35, එස්.එම්.මෙහෙරොබ් 20/2, ටන්සිම් හසන් 22/2, රකිබුල් හසන් 25/2, නයිමුර් රොහ්මන් 45/2)

-    2079

 


අදහස් (0)

බංග්ලාදේශයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.