Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
බන්දුල වර්ණපුර අනුස්මරණ අභියෝගතා කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 22 කින් ජය ගැනීමට අර්ජුන රණතුංග නායකත්වය දැරූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනම් කණ්ඩායම සමත්විය.
වෙළඳසේවා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනම් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් ලබාගැනීමට සමත්විය.
ආරම්භක පිතිකරු දුමින්ද වික්‍රමසිංහ (46) සහ සුදර්ශන ගුරුගේ (44) එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් ක්‍රීඩා පදනම් කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වූහ.
දුමින්ද වික්‍රමසිංහ පන්දු 40 කදී හයේ පහර 02 ක් සහ හතරේ පහර 01 ක් සමගින් ලකුණු 46 ක් ලබාගත් අතර සුදර්ශන ගුරුගේ පන්දු 40 කදී හතරේ පහර 05 කදී ලකුණු 44 ක් ලබාගැනීමට සමත්විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඒඩි්‍රයන් ජැකී ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය වෙළඳසේවා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 127 ක් පමණි.
නිශාන්ත මෙන්ඩිස් ලකුණු 30 ක් සහ චන්දන මහේෂ් ලකුණු 29 ක් ලබාගත්තද වෙළඳසේවා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔව්හූ අපොහොසත් වූහ.
අජිත් ඒකනායක ලකුණු 22 කට කඩුලු 3 ක් සහ සංජීව රණතුංග ලකුණු 32 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ වෙළඳසේවා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ ඒඩි්‍රයන් ජැකී හොඳම පන්දු යවන්නා ලෙසත්, පන්දු 40 කදී ලකුණු 46 ක් ලබාගත් හෙන්රි ඕල්කට් ක්‍රීඩා පදනමේ දුමින්ද වික්‍රමසිංහ හොඳම පිතිකරු ලෙසත්, තුන් ඉරියව් දස්කම් දැක්වූ එම කණ්ඩායමේම සුදර්ශන ගුරුගේ තරගයේ වීරයාට හිමි සම්මානයත් දිනා ගැනීමට සමත්වූහ.
අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ බිරිඳ හේමාලි වර්ණපුර මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවුවාය. වර්ණපුර මහතාගේ පුත් මාධව වර්ණපුර, වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් වික්‍රමසිංහ සහ ඕල්කට් ක්‍රීඩා පදනමේ සභාපති ගාමිණී ස්වර්ණපාල යන මහත්වරුන් මෙම සම්මාන ප්‍රදානයට සහභාගි වූහ.
හෙන්රි ඕල්කට් ක්‍රීඩා පදනම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 149
(දුමින්ද වික්‍රමසිංහ 46, සුදර්ශන ගුරුගේ 44, ප්‍රසන්න දහනායක 22, ඒඩි්‍රයන් ජැකී 29/5)
වෙළඳසේවා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 127
(නිශාන්ත මෙන්ඩිස් 30, චන්දන මහේෂ් 29, ජොහාන් පීරිස් 17, අජිත් ඒකනායක 22/3, සංජීව රණතුංග 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.