Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හතළිස් එක්වැනි ජාතික මහා ක‍්‍රිඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේදී පිරිමි ශූරතාව බස්නාහිර පළාත් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාව වයඹ පළාත විසින් දිනාගන්නා ලදි. මෙම තරග නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණ.
පිරිමි අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායම හා සබරගමුව පළාත් කණ්ඩායම තරග වැදුනු අතර ලකුණු 25/17, 25/12 සහ 25/16 ක් ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම ජයගත්තේය. අවසාන මහා තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස බස්නාහිර පළාත් කණ්ඩායම් දිප්ති රොමේෂ් රණවක තේරිපත් විය.
පිරිමි අවසාන පුර්ව තරගයේදි සබරගමුව පළාත් හා උතුරු මැද පළාත් කණ්ඩායම් තරග වැදුනු අතර එහිදී ලකුණු 25/17, 25/18 සහ 25/22 ලෙස සබරගමුව කණ්ඩායම ජයගත් අතර බස්නාහිර හා වයඹ කණ්ඩායම් අතර පැවැති අනෙක් අවසන් පූර්ව තරගයේදී ලකුණු 25/15, 25/19 සහ 25/21 ක් ලෙස ජයගැනීමට බස්නාහිර කණ්ඩායම සමත් විය.
තෙවන ස්ථානය සදහා පැවැති තරගයේදී ලකුණු 23/25, 25/23 සහ 25/21 ක් ලෙස වයඹ පළාත් කණ්ඩායම ජයග‍්‍රණය කළේය.
කාන්තා අවසාන මහ තරගයේදී ලකුණු 25/15, 25/18 සහ 25/21 ලෙස බස්නාහිර පළාත් පිල පරාජය කරමින් වයඹ පළාත් කණ්ඩායම ශූරතාව දිනාගත්තේය. අවසන් තරගයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස වයඹ පළාත් කණ්ඩායමේ ඉරේෂා උමයන්ගනී තේරි පත්විය.
කාන්තා අවසාන පූර්ව තරගයේදී බස්නාහිර හා දකුණු පළාත් තරග වැදුනු අතර එහිදී ලකුණු 22/25, 25/15, 26/24 සහ 25/22 ළෙස බස්නාහිර පළාත් කණ්ඩායම ජයගත්තේය. දෙවැනි අවසන් පූර්ව තරගයේදී වයඹ පළාත් කණඩායම හා උතුරු මැද පළාත් කණඩායම තරග වැදුනු අතර එම තරගයේදි 25/18, 25/14 සහ 25/13 ක් ලෙස වයඹ පළාත් කණඩායම ජයගත්තේය.
තෙවන ස්ථානය තේරීමේ තරගයේදී උතුරු මැද කණ්ඩායම ලකුණු 25/16, 25/16 සහ 25/13 ක් ලෙසින් පරාජය කළ දකුණු පළාත් කණ්ඩායම විසින් තුන්වැනි ස්ථානය හිමිකරගන්නා ලදි.
ජය සංකේත හා තිළිණ ප‍්‍රදානය මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී මානෙල් බණ්ඩාර, ක‍්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සෝමරත්න විදානපතිරණ සහ මධ්‍යම පළාත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කුමුදුනී විරසේකර කරුණාරත්න යන අයගේ ප‍්‍රධානත්වයේන පැවැත්විණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.