Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දින පහක් පුරා පැවැති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශුරතාව ලකුණු 1273 ක් ලැබූ බස්නාහිර පළාතට හිමි විය. එහිදී බස්නාහිර පළාතේ දක්ෂතා හා සැසදීමේදී සෙසු පළාත්හි කැපී පෙණෙන පරතරය මැනවින් ප්‍රදර්ශනය වූයේ අවසන් ස්ථානය ලද නැගෙනහිර පළාතේ මුළු ලකුණු ගණන 28 කට සීමාවීමෙනි.
මෙවර තරගාවලියේදී නව වාර්තා 31ක් (බාලක- 17 : බාලිකා 14) සටහන් විය. ඒ වයස් කාන්ඩ හතරකින් බාලක හා බාලිකා ඉසව් 115 ක් එහිදී පැවැත්වුණි.
ශූරතා හා සම්මානලාභීන්
(දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා වන සම්මාන)
• වයස 14 න් පහළ බාලක : - බවිදු හංසන - දෙනියාය මැදි විදුහල ( යගුලිය විසි කිරීම - මීටර් 14.86)
• බාලිකා :- මෙනුකි වෑකඩපොල - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (මීටර් 60 - තත්පර 8.15 - නව වාර්තාවකි)
• වයස 16 න් පහළ බාලක :- තේජ බන්ඩාර - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මැදි විදුහල ( දුර පැනීම - මීටර් 6.92)
• බාලිකා : - පී. ආර්. ඒ.ඩී. එන්.රාජපක්ෂ - වත්තල ලයිසියම් ( දුර පැනීම - මීටර් 5.94)
• වයස 18 න් පහළ බාලක : - යෞවන මලීෂ - කදාන ද මැසිනද් විදුහල ( මීටර් 110 - කඩුලු - තත්පර 13.92)
• බාලිකා : - තරුෂි අභිශේකා - ගම්පොල වික්‍රමබාහූ ජාතික පාසල ( මීටර් 1500 - විනාඩි 4 තත්පර 29.97 - නව වාර්තාවකි)
• වයස 20 න් පහළ බාලක : - අයෝමාල් අකලංක - අඹගමුව මධ්‍ය මහ විදුහල ( මීටර් 400 - කඩුලු - තත්පර 51.16)
• බාලිකා :- එච්. ඒ.එන්.එම්. හේරත් - නන්නපුර මහ විදුහල ( දුර පැනීම - මීටර් 6.19)
සමස්ත ශූරතා කාණ්ඩය
• සහාය දිවීමේ ඉසව් (බාලක)
• ශූරතාව :- මීගමුව මාරිස්ටෙලා විදුහල (32)
අනුශූරතාව : - වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල (27)
• තෙවැනි ( සම) ස්ථානය - මාතර රාහුල - මහනුවර තිත්ව - කොටහේන ශාන්ත බෙනඩික්ට් යන විදුහල් (ලකුණු 20 බැගින්)
(බාලිකා)
• ශූරතාව - වත්තල ලයිසියම් (44)
• අනුශූරතාව - වලල ඒ රත්නායක මැදි විදුහල (26)
• තෙවැනි ස්ථානය - පන්නිපිටිය ධර්මපාල විදුහල (17)
• දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා වන
විශේෂ සම්මාන (බාලක හා බාලක යන කාන්ඩ දෙකම සළකා බැලේ)
(විසි කිරීමේ ඉසව්)
එච්.වී.ජයසිංහ - වෙන්නප්පුව ජෝශප් වාස් (යගුලිය විසි කිරීම - බාලක - මීටර් 17.15 - නව වාර්තාවකි)
(ධාවන ඉසව්)
• ඔමෙල් ශෂින්ත - කදාන ශාන්ත බෙනඩික්ට් - මීටර් 400 - බාලක - තත්පර 46.85 - නව වාර්තාවකි)
(කඩුලු පැනීමේ ඉසව්)
• යෞවන මලීෂ - කදාන මැසනද් විදුහල (මීටර් 110 - කඩුලු - තත්පර 13.92)
(පැනීමේ ඉසව්)
• එච්. ඒ.එන්. එම්. හේරත් - නන්නපුර මහ විදුහල - දුර පැනීම - බාලිකා - මීටර් 6. 19)
• තරගාවලියේ අති ශූර ක්‍රීඩකයා :- එච්. ඒ. එන්. එම්. හේරත් - නන්නපුර මහ විදුහල - දුර පැනීම - මීටර් 6.19 - ප්‍රසාද ලකිණු 1040)
• තරගාවලියේ අති ශූර ක්‍රීඩකයා :- අයොමාල් අකලංක - අඹගමුව මැදි විදුහල ( මීටර් 400 - කඩුලු - තත්පර 51.16 - නව වාර්තාවකි)
සමස්ත ශූරතා කාණ්ඩය
(බාලක)
• ශූරතාව : - මීගමුව මාරිස්ටෙලා ව්දුහල ( 105)
අනුශූරතාව :- වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (71)
• තෙවැනි (සම) ස්ථානය -: වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල හා මාතර රාහුල විදුහල (64 බැගින්)
( බාලිකා)
• ශූරතාව :- වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (188)
• අනුශූරතාව :- වලල ඒ රත්නායක මැදි විදුහල (91)
• තෙවැනි ස්ථානය - කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල (68)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.