Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හතලිස් හයවැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත නියෝජනය කරන කැරම් කණ්ඩායම් තෝරා ගැනීම සඳහා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන බස්නාහිර පළාත් කැරම් ශූරතාවලිය අද (22 වැනිදා) ආරම්භ විය. තරගාවලිය ලබන 24 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දෙල්කඳ, ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැත්වේ.
රට තුළ ඇතිව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මින් පෙර ජාතික ක්‍රීඩා උළෙල දින නියමයක් නොමැතිව කල් දැමුණු අතර, මේ වනවිට කොරෝනා වසංගත තත්ත්වය යම්තාක් දුරට පාලනය වීම හේතුවෙන් එම තරගාවලිය නැවතත් ආරම්භ කිරීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමවිය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, අන්තර් දිස්ත්‍රික් තරග පැවැත්වීමට බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇත.
පිරිමි කේවල හා කාන්තා කේවල යන තරග කාණ්ඩ දෙක යටතේ පමණක් තරග පැවැත්වෙන අතර මෙම තරගාවලියේදී උපරිම දක්‍ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 ට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.