Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මහරගම තරුණ සේවා ගෘහස්ථ පීටියේදී නිමාවට පත්වූ බ්‍රැන්ඩික්ස් - රසදිය වොලිබෝල් ශූරතා තරගාවලියේ කාන්තා ශූරතාව අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම විසින්ද හා එහි පිරිමි ශූරතාව රත්මලාන බ්‍රැන්ඩික්ස් කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදී.
මෙම තරගාවලියේ ශූරයන් හා අනුශූරයන් වූ කණ්ඩායම් හා විශේෂ ශූරතා සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත රුපියල් ලක්ෂ දෙකේ සිට මුදල් තෑගි ප්රදානය කෙරුණි.
අවසන් මහ තරග ප්‍රතිපල
• පිරිමි :- රත්මලාන බ්‍රැන්ඩික්ස් අත්‍යවශ්‍ය සේවා කණ්ඩායම විසින් මඩකළපුව බ්‍රැන්ඩික්ස් කණ්ඩායම වට 3 - 0 කින් (25/20 - 25/16 - 25/11) පරාජය කරන ලදී.
• විශේෂ සම්මාන -: දක්ෂතම ක්‍රීඩකයා - ජනක් ඩිලන්ත ( රත්මලාන), දක්ෂතම පන්දු සකසන්නා : - කවිදු අෂාන් (රත්මලාන), දක්ෂතම ක්‍රීඩකයා- ආසිරි රාජපක්ෂ ( රත්මලාන)
• කාන්තා :- බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල කණ්ඩායම විසින් බ්‍රැන්ඩික්ස් රඹුක්කන කණ්ඩායම වට 3 - 0 කින් ( 25/10 - 25/13 - 25/13)පරාජය කරන ලදී.
• විශේෂ සම්මාන -: දක්ෂතම ප්‍රහාරිකාව :- චමිලා දයානි (අව්ස්සාවේල්ල), දක්ෂතම පන්දු සකසන්නිය - : සදූ සිරිවර්ධන (අව්ස්සාවේල්ල), දක්ෂතම ක්‍රීඩිකාව : -නාලිකා රුවන්දි (අවිස්සාවේල්ල)
පිරිමි ශූරතාව රත්මලාන බ්‍රැන්ඩික්ස් කණ්ඩායම
කාන්තා ශූරතාව - අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.