Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාලිකා පාපන්දු තරග 7 දා සිට කොළඹදී

බාලිකා පාපන්දු තරග 7 දා සිට කොළඹදී

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන 2015 වසරේ චීනයේ පැවැත්වීමට නියමිතය ආසියානු සම්මේලන කුසලාන වයස අවුරුදු 19 න් පහළ (බාලිකා) පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරග මෙම නොවැම්බර් මස 7 වැනිදා සිට 11 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වේ.

මෙම සුදුසුකම් ලැබීමේ වටය සඳහා ‘බී’ කාණ්ඩයෙන් ශ‍්‍රී ලංකාව, පලස්තීනය සහ ඉරානය සහභාවේ. තරගාවලියේ සියලූම තරග කොළඹ 05 පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලියේ පළමු තරගය ලබන 11 වැනිදා ශ‍්‍රී ලංකාව සහ පලස්තීනය අතර පැවැත්වේ.

මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකා වයස අවු: 19 න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙස තිළිණි දිල්හාරා පත්කර ඇති අතර කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ෂානිකා රාජපක්ෂ පත්කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත.

ශ‍්‍රී ලංකා වයස අවු: 19 න් පහළ කණ්ඩායම
තිළිණි දිල්හාරා (නායක), නිසංසලා ප‍්‍රබෝධනී, අශානි නිමන්තිකා, බසිරා භානුන්, සොභෝදිනී දිසානායක, සිතාරා සත්සරණී, අචලා සංජීවනී, හේෂානි සජිනි, මලීෂා ශෂිනි, පූර්ණිමා සඳමාලි, ඞී. ලිලන්ති, අනුත්තරා පේ‍්‍රමසිරි, රුවන්ති ගාල්ලගේ, ෂානිකා මධුමාලි, සුමුදු සුමාලි, හෂිණි හිමන්ෂා, ඉෂංක යොහානි, ස\ුනි, ප‍්‍රියදර්ශණී, යමුනා නිරංජලා, කවින්දි උපේක්ෂා, උමා ප‍්‍රියදර්ශණී, සඳුණි ආශා, එන්.එන්. කුලතුංග (කළමණාකරු), ෂානිකා රාජපක්ෂ (පුහුණුකරු), ඞී.කේ. සමරසිංහ (දැල් රකින පුහුණුකරු), ගංගා ජයසුන්දර (භෞතචිකිත්සක)


අදහස් (0)

බාලිකා පාපන්දු තරග 7 දා සිට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.