Last Update  :  2024-11-22 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බාලක ශූරතාව රාජසිංහ මැදි විදුහලට

බාලක ශූරතාව රාජසිංහ මැදි විදුහලට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතා තියුණු තරගයකින් පසුව ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ වයස 14 න් පහළ බාලක අවසන් මහා තරගය වට 3-2 කට ජය ගනිමින් බාලක ශූරතාව දිනා ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල් කණ්ඩායම සමත්විය.

රුවන්වැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 15/25, 25/21, 25/23, 21/25 සහ 15/11 ක් පරිදි මාරවිල ශාන්ත සේවියර් විදුහල් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් තරගය ජයගත්හ.

වයස 14 න් පහළ බාලක අවසන් මහා තරගයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස කනිෂ්ක මධුෂංක ද (රාජසිංහ විදුහල), දක්‍ෂතම ප්‍රහාරකයා ලෙස ගනිදු අනුලෂාන් (ශාන්ත සේවියර් විදුහල) ද, දක්‍ෂතම පන්දු ඔසවන්නා ලෙස නිපුන් කෞෂල්‍ය (රාජසිංහ විදුහල) ද ශූරතා සම්මාන ලැබුහ.

වයස 14 න් පහළ බාලක අවසන් මහා තරගය කලකට පසුව මෙරට කනිෂ්ඨ වොලිබෝල් පිටියේ දක්නට ලැබුණු ඉතාම තියුණු තරගයක් ලෙස හැඳින්විය හැකිය. ගියවර (2013) මෙම ශූරතාව දිනා ගත්තේ මාදම්පේ සේනානායක මැදි විදුහල් කණ්ඩායම විසිනි.

තරගමාලාවේ වයස 16 න් පහළ සහ 18 න් පහළ බාලක සහ බාලිකා අවසන් මහා තරග හතරක් හෙට (16) පෙරවරු 8.30 සිට මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. තරගමාලාවේ ජය සංකේත ප්‍රදානෝත්සවය හෙට පස්වරු 5 ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

 

බාලක ශූරතාව (වයස 14න් පහළ) දිනා ගත් රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල් කණ්ඩායම

බාලක ශූරතාව (වයස 14 න් පහළ) දිනා ගත් රුවන්වැල්ල රාජසිංහ විදුහල් කණ්ඩායම


අදහස් (0)

බාලක ශූරතාව රාජසිංහ මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.