Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බැද්දගාන රැස්වීමට එන්නේ නෑ

බැද්දගාන රැස්වීමට එන්නේ නෑ

editorial - 2023 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බැද්දගානේ දී අනිද්දා (29) පැවැත්වෙන ලීග් ප්‍රධානීන්ගේ රැස්වීමට තමන් සහභාගි නොවන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයකු වන පොල්ගහවෙල පාපන්දු ලීගයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

පසුගිය කාලය පුරා පැමිණිලි හා චෝදනාවන්ට ලක්වූ හිටපු සභාපතිවරයකු යටතේ කැඳවන මෙම රැස්වීමට සහභාගිවීමට තමාගේ කැමැත්තක් නැතැයි ද එහිදී සිල්වා මහතා පැවැසීය. මේ අතර ශූරයන්ගේ හා පළාත් ලීග් තරග කණ්ඩායම් එකමුතුවේ සභාපති, වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ, සිය එකමුතුවට ලීග් අටක් ඇතුළත් වන බවත්, බැද්දගාන රැස්වීමට සහභාගි වීමට මෙතෙක් සිය එකමුතුව තීරණයක් ගෙන නැති බවත්ය.

-223


අදහස් (0)

බැද්දගාන රැස්වීමට එන්නේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.