Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
ශ්‍රී ලංකා චෙස් සමේලනය විසින් සංවිධානය කරනු ලබන ‘බී‘ කාණ්ඩයේ චෙස් ශුරතාවලිය මාර්තු මස 16 සිට 20 දක්වා ගල්කිස්ස පාම් බීච් හෝටලයේදී පැවැත්වේ .
දිවයිනේ කලාප මට්ටමේ පැවති තේරීම් තරගවලින් සුදුසුකම් ලබාගත් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් හා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු අනුව ඉහළින් සිටින චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් මේ තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය තරග වට 10 කි. තරගාවලිය පැවැත්වෙන දින පහේ දිනයකදී, තරගවට 2 බැගින් තරග වට 10 ක් පැවැත්වේ .
මේ තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් ශ්‍රී ලංකා ජාතික චෙස් ශුරතාවලිය සදහා සහභාගිවිය හැකි බව සංවිධායකයෝ කියති .
මෙම තරගාවලියේ ශූරයාට මුදලින් රුපියල් 75,000 ක ත්‍යාගයක් හිමිවේ. පිරිමි අනු ශුරතාව දිනාගන්නා ක්‍රීඩකයාට මුදලින් රුපියල් 40,000 ක්ද පිරිමි තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 25,000 ක ත්‍යාගයක්ද පිරිනැමේ.
ශූරියට මුදලින් රුපියල් 50,000ක් පිරිනැමෙන අතර කාන්තා අනු ශුරතාව සදහා මුදලින් රුපියල් 25,000ක්ද, කාන්තා තෙවැනි ස්ථානය සදහා මුදලින් රුපියල් 15,000ක්ද පිරිනමන බව සංවිධායකයෝ පැවසුහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.