Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිටකොන්දේ වේදනාවක් හේතුවෙන් දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වුවද වේග පන්දු යවන ජස්ප්‍රිට් බුම්රාට විස්සයි20 ලෝක කුසලානය තවමත් කිරීමට හැකි වනු ඇතැයි ඉන්දියාව ”බලාපොරොත්තුවෙන්” සිටින බව පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් පවසයි.
දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පසුගිය බදාදා පැවැති තරගයට ක්‍රීඩා කිරීමට බුම්රාට නොහැකි විය. පිටකොන්දේ වේදනාවක් හේතුවෙන් ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටී.
දැනට 28 හැවිරිදි වියේ පසුවන වේග පන්දු යවන්නා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර ඇතත්, ඉන්දීය පුහුණුකරුවා ප්‍රකාශ කළේ තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණ නැති බවයි.
“මේ වන විට ඔහු නිල වශයෙන් ඉවත් වී සිටින්නේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් පමණයි. නමුත් ඉදිරි දින කිහිපය තුළ කුමක් සිදුවේදැයි අපි බලා ඉන්නවා” යයි ද්‍රාවිඩ් වාර්තාකරුවන්ට පැවසීය.
තවත් සති තුනකින් ඉන්දීය කණ්ඩායම ඔවුන්ගේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරනු ඇත. එහෙත් බුම්රාගේ නොපැමිණීම ඉන්දියානුවන්ගේ අපේක්ෂාවන්ට බලවත් පහරක් වනු ඇත.
-213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.