බොපාරා - මුවර්ස් යාපනය පිලට
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ තිසර පෙරේරා නායකත්වය දරණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සඳහා එක්වීමට එංගලන්ත ක්‍රීඩකයින් වන රවී බොපාරා සහ ටොම් මූවර්ස් කැමැත්ත පළකර ඇත.
මින් පෙර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ඬේවිඞ් මැලන්, දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම්කළ එංගලන්ත සංචිතයට ඇතුළත්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වූ අතර තවත් විදේශීය ක්‍රීඩකයෙකුවූ පාකිස්තානු ක්‍රීඩක අසීෆ් අලීද තරගාවලියෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව මෙවර තරගාවලියේදී ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරී, රවී බොපාරා, ටොම් මූවර්ස්, කයිල් ඇබට් සහ ඩුඇන් ඔලිවියර් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කරති.
තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු), හේමන්ග් බදානි (සහය පුහුණුකරු), මාරියෝ වෙල්ලවරායන් (පුහුණු කරන්නා සහ වේගපන්දු පුහුණුකරු), සචිත් පතිරණ (දඟපන්දු පුහුණුකරු) සහ විමුක්ති දේශප්‍රිය (පන්දු රැකීමේ පුහුණුකරු) යන මහත්වරුන් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයට අයත්වේ.
යාපනය ස්ටැලියන්ස් සංචිතය
තිසර පෙරේරා (නායක), ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරී, රවී බොපාරා, ටොම් මූවර්ස්, කයිල් ඇබට්, ඩුවැන් ඔලිවියර්, වනිඳු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්‍ෂණ, චරිත් අසලංක, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කබිල්රාජ්, තෙයිවේන්ද්‍රම් දිනෝෂන්, විජයකාන්ත් වියස්කාන්ත්.