Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කි‍්‍රකට් සම්මේලනය සංවිධානය කරන යොවුන් අසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (28 වැනිදා) පැවැති තරගයකදී නායක මීට් භව්සාර්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් නේපාල වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට කුවේට් වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 240 ක ඉලක්කයක් හඹාගිය කුවේට් යොවුන් කී‍්‍රඩකයෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලූ 9 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී හුදෙකලා පිතිහරඹයක නිරත වූ භව්සාර් පන්දු 149 කදී හයේ පහරක් සහ හතරේ පහර 24 ක් සමග නොදැවී ලකුණු 175 ක් රැුස්කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.
ආරම්භක පිතිකරු ජූඞ් සල්දන්හා (25) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද භව්සාර් සමත් විය. පන්දු 42 කදී වාර්තා වූ සල්දන්හාගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනා හැරුණුකොට ලකුණු 10 සීමාව පසුකර යෑමට කුවේට් යොවුන් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ අසමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල යොවුන් කණ්ඩායම ඕවර 42.3 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 239 ක් ලබාගත් අතර නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බාසිර් අහමඞ් පන්දු 61 කින් ලකුණු 56 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගිනි. බිබේක් මගාර් පන්දු 71 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.
මිර්සා අහමඞ් ලකුණු 22 කට කඩුලූ 3 ක්ද, අබ්දුල් සාදික් ලකුණු 42 කට කඩුලූ 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර නේපාල ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් හෙන්රි තෝමස් සහ මොහොමඞ් බස්ටාකි කඩුලූ 2 බැගින් දවාගත්හ.
නේපාල යොවුන් පිල - ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 239
(බිබේක් මාගර් 50, බාසිර් අහමඞ් 56, මොහොමඞ් අලාම් 49, ශේර් මල්ලා 21, මිර්සා අහමඞ් 22/3, අබ්දුල් සාදික් 42/3, හෙන්රි තෝමස් 36/2, මොහොමඞ් බස්ටාකි 42/2)
කුවේට් යොවුන් පිල - ඕවර 48.5 කදී කඩුලූ 9 ක් දැවී 241
(මීට් භව්සාර් නොදැවී 175, ජූඞ් සල්දන්හා 25, ගුල්සාන් ජා 70/3, බාසිර් අහමඞ් 29/2, බිබේක් යාදව් 33/2, ශේර් මල්ලා 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.