Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෝහා කටාර්හිදී පැවැත්වෙන 7 වැනි ආසියානු ගෘහස්ත මලල ක‍්‍රීඩා තරගාවලියේ උස පැනීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා උස පැනීමේ ශූර මංජුල කුමාර සමත්විය. එනම් මීටර 2.24 ක උසක් පැන මංජුල දැක් වු මෙම දස්කම රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ පරිසාධන මට්ටම ඉක්මවා යෑමට සෙන්ටීමිටර හතරක අඩුවක් විය.
මෙම තරගය ඊයේ (19 වැනිදා) පැවැත්විණ.
මෙම වසරේ බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වට සුදුසුකම් ලැබීමට නම් ක‍්‍රීඩකයකු 2.28 ක දක්ෂතාවක් දැක්විය යුතුය.
අන්තර්ජාතික ගෘහස්ත ක‍්‍රීඩා උළෙලකදී හෝ මලල ක‍්‍රීඩා තරගාවලියකදී මංජුල උස පැනීමෙන් දැක් වු හොදම දක්ෂතාව මෙය වේ. මීට පෙර ඔහු මීටර 2.23 ක දක්ෂතාවක් වාර්තා කර තිබිණ. ඉකුත් දා නිමා වු 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මංජුල රන් පදක්කම දිනා ගත්තේ මීටර 2.17 ක උසක් පනිමිනි.
ආසියානු ගෘහස්ත මලල ක‍්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් දෝහා කටාර්’හි මුතාස් බර්සිම්, ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යමින් මීටර 2.35 ක් වාර්තා කළේය. මජෙද්දීන් ගසාල් (මීටර 2.28) රිදී පදක්කම හිමිකර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.