Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම ආසියානු වොලිබෝල් අනුශූරතාව ශ්‍රී ලංකාවට

මධ්‍යම ආසියානු වොලිබෝල් අනුශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2024 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

මාලේ නුවරදී නිමාවට පත්වූ මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - කාන්තා) ශූරතා තරගාවලියේ අනුශූරතාව  ශ්‍රී  ලංකාවට හිමිවිය.අවසන් මහ තරගයේදී කිරිගිස්තානයට වට 3- 0 කින් පරාජය වීමෙන් ශ්‍රී  ලංකාවට අනුශූරතාව පිළි ගැනීමට සිදු විය.

කෙස්වූවත් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහ තරගයට ප්‍රවේශවීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ කිරිගිස්තානය මූලික වටයේදී වට 3/2 කින් පරාජය කිරීමටද ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. නේපාලය හා සත්කාරක මාලදිවයිනද එහිදී ශ්‍රී ලංකාවට පරාජය  විය.

මධ්‍යම  ආසියානු  වොලිබෝල්  තරගාවලියකදී  ශ්‍රී  ලංකාව  මෙතරම් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙය බව මධ්‍යම  ආසියානු  වොලිබෝල්  සම්මේලනයේ  ලේකම් හා ශ්‍රී  ලංකා  වොලිබෝල්  සම්මේලනයේ ලේකම්  ඒ.එස්.නාලක මහතා පවසයි.

අනුශූරතාලාභී ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) පෙරළා දිවයිනට පැමිණියේය.

(ඡායාරූපය - ටී.කේ.ජී. කපිල)


අදහස් (0)

මධ්‍යම ආසියානු වොලිබෝල් අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.